How to Clone Hard Disk

මොකද්ද මේ Hard Disk Clone කරනවා කියන්නේ.ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ අද අපි කතා කරනන් හදන්නේ මේක ගැන.කරන විදිහට වඩා මේකෙන් වෙන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ තේරුම් ගත්තා නම් ගොඩක් හොදයි කියලා මන් හිතනවා.කෙටියෙන්ම කිව්වොත් Hard Disk Clone කරනවා කියන එකේ තේරුම වෙන්නේ ඔයාගේ Hard Disk එකේ System backup ක් වෙන Hard Disk එකකට ගන්න එක.ඒ කියන්නේ නිකන්ම files ටික copy කරන එක නෙමෙයි,එහෙම copy කරන්නත් බැහැ windows system files. System backup එක අනිත් HDD එකට copy ඒ copy වුනු  HDD එකෙන් boot කලාම Operating System එක boot වෙන්න ඕනේ.ඔයා drivers,software,Utility tools ඔයාගේ Primary Hard Disk එක වගේම Secondary hard ඩිස්ක් එකත් ඒ වගේම තියේවි වැඩේ හරි ගියොත්.

drivecopy.jpg

මෙන්න මේ විදිහේ වැඩක් තමයි වෙන්නේ.ඔයාගේ සම්පූර්ණ hard disk එකම secondary එකට වදින විදිහට files ටික copy කරන්නත් පුළුවන්.එතකොට ඔයා Hard disk එක Partition කරලා තියෙනවා නම් එකත් Auto හැදෙනවා.ඔයාට එක Partition ක් විතරක් copy කරන්නත් පුළුවන්.හැබැයි යාලුවනේ මෙහෙම දෙයක් තියෙනවා ඔයගොල්ලෝ සම්පූර්ණ hard disk එකම secondary එකට වදින විදිහට files ටික copy කරන්න යනකොට Source hard disk එකට වඩා Capacity එක low hard disk ක් Destination / එහෙමත් නැත නම් secondary එක විදිහට ගන්නවා නම් පොඩ්ඩක් එක ගැන හිතන්න වෙනවා.windows partition එක OK වෙයි,නමුත් Source hard disk එකේ partitions create කරලා තියෙනවා නම් එක අපිට manage කරගන්න වෙන්නේ,migration / Clone එක ගහපු secondary hard disk එකේ Disk Management වලට ගිහින්.

ඇයි අපි Hard disk clone කරන්නේ ?

මේක මේ essential දෙයක් නෙමෙයි,

  • Same model desktop , ලැප්ටොප් තියෙන shop එකක නම් එක පාර windows install කරන්න ගියාම ගොඩක් වෙලා යන නිසා මේ විදිහ කරනවා.එක machine එකකට windows,software,drivers දාලා complete කරලා එකේ copy ක්,clone ක් අරගෙන අනිත් ඒවටත් දානවා..ඉතින් යාලුවනේ Windows install කරලා software,Drivers දාන්න 2h වගේ යන නිසා මේ clone එකට යන්නේ 30min වගේ නිසා එක ලොකු Advantage ක්.
  • නිතරම windows damage වෙනවා නම්,hard disk එක failure මට්ටමේ නම් තියෙන්නේ,අපිට එක වෙනත් HDD එකකට clone කරගත්තා නම් හරි.ඉක්මනින්ම වැඩෙත් වෙනවා.ඔයාගේ Documents ටිකත් safe.Data lose කරගන්න වෙන්නෙත් නැහැ එතකොට.hard disk එක failure ක් වෙන්න කලින් ඔයාගේ Data ටික Fully windows OS එකත් සමගම Clone කරගන්න එක ගොඩක් ලොකු Advantage ක් යාලුවනේ.hard disk එක failure උනොත් data ටික ගන්න බැහැ.( මන් කලින් කියල දුන්නා hard disk එක failure වෙන්නේ කොහොමද කියලා.ඒ පොස්ට් එකටතැනින් යන්නකෝ. -> Click Here )

Clone කරන එක අපිට Image ක් විදිහට ගන්නත් පුළුවන්,නැත නම් Directly second HDD එකට ගහන්නත් පුළුවන්.මම අද කියල දෙන්නේ Directly second HDD එකට clone එක Transfer කරන විදිහ,අපිට එකට Software ක් ඕනේ වෙනවා.ගොඩක් Tools තියෙනවා.මම අද කියල දෙන්න හදන්නේ AOMEI Backupper Software එකෙන් වැඩේරණ විදිහ ගැන.100% Successful වුනා මන් කරපු cloneඅ නම්.මෙට අමතරව මම තවත් tools බැලුව,සමහර ඒවායින් Successful message එක එනවා විතරයි boot කරලා බලනකොට Boot Mgr missing pop-up වෙන්ව.ඉතින් යාලුවනේ AOMEI Backupper software එකෙන් අපිටවදේ කරගන්න පුළුවන්.100% free software ක්(Laptop එකක් නම් Portable hard disk ක් plug කරලා clone එක Transfer කරන්න පුළුවන්.)

Download AOMEI Backupper 

sfdsghty.PNG

එහෙනම් අපි දැන් වදේ කරමු.ඔයගොල්ලෝ දැන් Primary HDD එකට අමතරව secondary hdd ක් plug කරගන්නකො.ඊට කලින් අර මන් කියපු software එක install කරගෙන ඉන්න.දැන් ඒ software එකට යන්නකෝ.දැන් ඔයගොල්ලන්ට මේ විදිහට දැකගන්න පුළුවන් වෙයි.

1.PNG

1.දැන් ඔකේ Clone එකට යන්නකෝ.

2.PNG

2.එකට ගියාම ඔයගොල්ලන්ට Options 3 ක් දැකගන්න පුළුවන්.

  • Disk Clone – ඔයාගේ සම්පූර්ණ HDD එකම clone කරන එක.
  • System Clone – ඔයාගේ windows system එක පමණක් clone කරන්න.
  • Partition Clone – එක partition ක් පමණක් clone කරන එක.OS දෙක තුනක් Partitions වක තියෙනවා නම් ඒවා clone කරන්න මේක අපිට යොදා ගන්න පුළුවන් යාලුවනේ.

3.දැන් අපි යමුකෝ ඔකේ Disk Clone එකට.

3.PNG

4.ඔන්න දැන් අපි Source Disk එක මේකට select කරලා දෙන්න ඕනේ.select කරලා Next click කරන්න.ඊට පසුව Destination disk එකත් දෙන්න ඕනේ.

4.PNG

5.ඔන්න දැන් ඊට පස්සේ අපේ  Operation Summary ක් ඔයගොල්ලන්ට දැකගන්න පුළුවන් වෙයි.

5.PNG

6.ඔන්න දැන් තමයි වදේ වෙන්නේ.Start Clone click කරන්නකෝ.

6.PNG

7.ටිකක් වෙලා යාවි.

ඊට පසුව ඒ hard disk එක boot කරලා බලන්නකෝ.ඔයගොල්ලන්ගේ Primary Hard Disk එක වගේම එකත් ඇති.software , drivers සේරම එහෙම්මම ඇති..එහෙනම් යාලුවනේ පහලින් ඇති පොඩි Video clip එකකත්.එකත් බලන්නකෝ.

8ofyvrj6bz

 

When a hard drive crashes or the Windows operating system becomes corrupt, it would be preferable to not only be able to load back your data quickly, but also to load back the entire OS with all of your user settings, bookmarks, installed drivers, installed applications, and more.

හොදම විසදුම වෙන්නේ CLONE !

 

5 Free Disk Imaging/Cloning Utilities for Windows CLICK Here

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s