Reasons of Hard Disk Drive Failures

හොදට වැඩ කර කර තිබුණු මගේ hard disk එක එකපාරටම වැඩ කරන්නේ නැත්තේ ඇයි ? කොහොමද එහෙම වෙන්නේ.වැඩි කාලයකුත් නැහැ අරගෙන.මෙන්න මේ වගේ දේවල් මට නිතරම ඇහෙන දේවල්.ඉතින් මන් හිතුවා ඔයගොල්ලන්ටත් මේක ගැන පැහැදිලි කරලා දෙන්න.”ඔන්න ඉතින් අද අපි කතා කරන්න හදන්නේ computer එකක වැදගත්ම part ක් වන hard disk එක failure වෙන්නේ කොහොමද සහ ඒවාට හේතු සාදක වෙන දේවල් සහ ඒවාට solutions.වැදගත්ම දේ hard disk ක් කියන්නේ electronic part ක්.SSD හැරෙන්නට අනෙකුත් සැම එකක්ම වැඩ කරන්නේ platters , head , motors වලින් Magnetic field එකකුත් එක්ක තමයි මෙයා වැඩ කරන්නේ.මේ දේ මුලින්ම මතක තියාගන්නේකෝ.

Hard-Drive-Working-80602.gif

company ක් වෙන්න පුළුවන් or personal වෙන්න පුළුවන් අපි එදිනෙදා computer එකත් එක්ක වැඩ කරනකොට අපේ දේවල් අපි save කරලා store කරලා තියාගන්නේ,මෙන්න මේ hard disk වල නේ,ඉතින් අපි පොඩ්ඩක් හරි හිතුවද මේ hard disk වලට logically වඩා physically බලපෑමක් එල්ල වුනොත් අපේ data වලට මොනවද වෙන්නේ කියලා.ඒ නිසා අපි නම් කියන්නේ එදිනෙද වැඩ කරනකොට ඔයගොල්ලන්ගේ personal documents, photos, videos, or audio files

වගේ important දේවල් Backup කරලා තියාගන්න එක හොදයි කියලා.hard disk එකක lifetime එක අවුරුදු 5-10 අතර කාලයක් අපිට හොදට use කරන්න පුළුවන් නමුත් එක depend වෙන්නේ hard disk type එක සහ manufacture මත.කොහොමහරි දැන් නම් ඒ කාලය අවුරුදු 3-5 අතර වෙනවා.අවුරුදු 3 කට වතාවක් වත් hard disk එක replace කරන එක හොදයි important data lose වෙන්න කලින්.

මම නම් කියන්නේ hard disk failure ක් වෙන්න පුළුවන් ඕනෙම වෙලාවක,Bad power supply, Virus Attack, Damage block & sectors,corrupted operating system files, Example :- NTLDR Missing , boot.ini , MSdos.sys වගේ හේතු කාරනා නිසා ඉතාමත් ඉක්මනින්ම  ඔයාගේ hard disk එක failure වෙන්න පුළුවන්.ඔයාට warranty ක් තිබුනත් ඔයාගේ DATA වලට warranty ක් කව්ද යාලුවනේ දෙන්නේ ? ඔයාට brand new hard disk ක් ලැබෙයි,නමුත් data ටික කව්ද අරගෙන දෙන්නේ.දියුණු රටවල් වල නම් කරන්න පුළුවන් platters මාරු කරලා වගේ දේවල් කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්..නමුත් මේ ලංකාවනේ.කොහොමහරි ඕක තමයි යාලුවනේ ඇත්ත කතාව.ඔයගොල්ලෝ කියනවා මන් අහල තියනවා Toshiba හොදයි,WD හොදයි.seagate හොද නැහැ අරකයි මේකයි කියලා.එහෙම දෙයක් නැහැ යාලුවනේ.පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්,නමුත් හැම hard disk ක් ම failure වෙන්නවා.(SSD නම් දැනට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මොකද ඒවගේ තියෙන්නේ chips…..platters ,heads , motors නැහැ) කොහොමද ඔයාගේ hard disk එක fail වෙන්න ලගයි කියලා දැනගන්නේ ? sometimes windows boot උනාට පසුව error message ක් දෙනවා.එකත් අද අපි කතා කරමු කොහොමද අදුරගන්නේ කියලා.එහෙම identify කරලා ඔයාගේ important data backup කරගන්න යාලුවනේ.එහෙනම් ඉතින් අපි දැන් බලමු මොනවද මේ හේතු කියලා.

Reasons of internal or external hard disk drive failure 

 

Firmware or Manufacturer Faults

  • ඔයාගේ hard disk එක undetectable වුනු විට.
  • Hard disk එක සැම system එකකින්ම recognized කරන්නේ නැති වුනහම.
  • OS එක boot වෙන්න යන time එක වැඩි වීම.( Hardware performance අනුව.)

මේ වගේ ලක්ෂණ යාලුවනේ firmware or manufacture faults ලෙස සලකන්න පුළුවන්. manufacture විසින් ඔයගොල්ලන්ට warranty ක් දෙනවනේ.අවුරුද්දක් තමයි ලැබෙන්නේ.ඉතින් ඒ අවුරුද්ද ඇතුලත මෙවැනි faults අවොත් එක firmware or manufacture faults ලෙස සලකන්න පුළුවන්.ඔයගොල්ලන්ට new hard disk ක් ලැබෙනවා.නමුත් store කරගෙන තිබුණු data වලට මන් කලින් සදහන් කළා වගේ warranty ක් දෙන්නේ නැහැ.’’ . It can happen even just after few days of purchasing and the may have the high probability that manufacturers had delivered the fault disk’’

මේක ඉතින් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි,නමුත් වෙන්න පුළුවන්..

Heat

  • ඔයාගේ computer එකේ cooling Fans නිසි ආකාරයෙන් වැඩ නොකිරීම
  • ඔයාගේ Laptop එක or desktop එක started වුනාට පසුව ගොඩක් heat වෙන්න පටන් ගැනීම.

මේක most common failure ක්.ඔයාගේ processor එකේ cooling එක නිසි ආකාරයෙන් වැඩ නොකිරීමත් ඔයාගේ hard disk එකට බලපානවා.මොකද processor එක heat වෙන්න අරගෙන hard disk එකට signal ක් දෙනවා.ඊට පසුව hard disk එක read & write කරගන්න හදනවා නමුත් කරගන්න බැහැ මොකද එක path එකකින් එන signal එක ගොඩක් unstable නිසා.ඔයගොල්ලෝ Branded desktop වල දැකලත් ඇති HDD එකට වෙනමම cooling fan ක් එහෙම එනවා.heat එක අධික environment එකක ඔයාගේ computer එක තියෙනවා නම් cooling system එක වඩා හොද මට්ටමක තියෙන්න ඕනේ යාලුවනේ.ඔයගොල්ලන්ට softwares එහෙම තියෙනවා ඔයගොල්ලන්ගේ hard disk එකේ heat එක එහෙම බලාගන්න පුළුවන්.

Electronic Failure or Power Surges

  • ඔයාගේ system BIOS එකට hard disk එක detected කරගන්න නොහැකි වීම.
  • නිසි ආකාරයට hard disk එක සවි කර නොතිබීම.

අපි ඔය use කරන UPS, power Stabilizer ක් විදිහට වැඩ කරන්නේ නැහැ.(කරන ඒවා තියෙනවා) ඉතින් එක හරහා නේ ඔයාගේ power supply එකට power එක ලැබෙන්නේ.ඉතින් ඔය එන power එක එක පාරට අඩු හෝ වැඩි උවහොත් ඔයාගේ hardware devices වලට එක ලොකු බලපෑමක්.ඉතින් එක HDD එකටත් බලපාන්නේ නැත්තේ නැහැ නේද යාලුවනේ.ඉතින් ඔය කාරනා නිසාත්  hard දික් එක failure වෙනවා.

‘’ It can also happen due to the use of unreliable power source that delivers interrupted power supply.’’

ඉතින් ඔයගොල්ලෝ power supply ක් මිලදී ගන්නකොට රෙඅල් wattage ක් ගන්නවා නම් වඩාත් හොදයි.වන හානිය අවම කරගන්න පුළුවන්.ඒ වගේම තමයි අකුණු නිසා ත් වෙන්න පුළුවන්.අපි ඔය use කරන ගාර්ඩ් disk වල ( SSD  නැතුව ) magnetic field ක් නේ තියෙන්නේ.ඉතින් ස්ථිති විද්‍යුතය ආරෝපණය කරගන්න තියෙන සම්බාවිතාවය වැඩි…..

clone-hard-drive-ssd-1.jpg

Mechanical or Internal failure:

මේ error එක සිද්ද වෙන්න පුළුවන් hard disk එක ඇතුලින්.ඒ කියන්නේ Bad sectors & blocks,motor එක function වෙන්නේ නැති වුනහම,PCB board එක damage වුනහම එයාට read & write කරගන්න බැරි වෙනවා.මේ වගේ හේතු නිසා mechanical failures සිද්ද වෙනවා.

  • Clicking or grinding sound ක් ඇහෙන්න පුළුවන් ඔයාගේ hard disk එක ඇතුලින්.
  • සමහර වෙලාවට ඔයාගේ files & folders invisible වෙන්න පුළුවන්.access කරන්න ගියාම corrupt  වෙන්න පුළුවන්.
  • completely system freezes ක් ඇති වෙන පුළුවන්.
  • computer එක boot වුනාට පසුව Black screen ක් ඇවිල්ලා PC එක restarting වේවි තියෙන්න පුළුවන්.

virus attack නිසා ඔයාගේ files සේරම erese කරලා දාන්න පුළුවන්,ඔයාගේ system files පවා erese වෙන්න පුළුවන්,ඔන්න ඉතින් ඊට පස්සේ files damage වෙන්න පටන් ගන්නවා.entire system එකම maඅව්ල් කරන්න පුළුවන් rootkit virus වලට.ඒ වගේම ඒවාට පුළුවන් BIOS level එක දක්වාම ඔයාගේ system එකට හානි කරන්න.latest OS වල දැන් තියෙනවා UEFI Technology කියලා..windows 8 වල ඉදන් එන්නේ.ඉතින් එකට හැකියාව තියෙනවා මේ therets වලින් ඔයාගේ PC එක ආරක්ෂා කරන්න. UEFI (Unified Extensible Firmware Interface) technology.

ඔයාට කරන්න පුළුවන් මේ දේවල් regularly or weekly ඔයාගේ system එක Update කරන්න, running latest copy of antivirus program, replacing the hard drive after 3-4 years..

Corrupted Files

  • Important system files corrupt වීම නිසා user ට එයාගේ system එක access කරන්න නොහැකි වීම.
  • නිසි ආකාරයක computer එක shutdown නොකිරීම.

Unethical ඔයා ඔයාගේ PC එක shutdown කිරීම නිසා hard disk එක එක පාරට power off වීමක් සිදු වන බැවින් ඔයාගේ OS එකට සහ specially hard disk එකට ලොකු බලපෑමක් එකෙන් සිද්ද වෙනවා.මොකද OS එක විසින් තමයි අනෙකුත් hardware devices වලට කියන්න ඕනේ/signal ක් දෙන්න ඕනේ ඔන්න OS එක shutdown වෙන්න හදන්නේ අනෙකුත් running programs සියල්ලම off වෙන්න සුදානම් වීමක් මෙහිදී සිදු වෙනවා.ඒ නිසා එකෙන් hard disk එකට බලපෑමක් සිදු නොවන අතර hard disk එක smoothly power off කරගන්නවා.

අනිත් එක ඔයගොල්ලෝ softwares install කරනකොටත් එක ගැන දැනුමක් ඇතුව කලොත් තමයි හොද.මොකද malicious  or faulty applications නිසාත් corrupt වෙනවා hard disk එක.එයාට read & write කරගැනීමේ අපහසුත නිසා.


ඉතින් යාලුවනේ මෙන්නේ මේ මන් කියපු හේතු නිසා ඔයගොල්ලන්ගේ වටිනා කියන hard disk failure වෙන්න පුළුවන්.ඉතින් එකට කරන්න ඕනේ මොනවද කියලත් මන් කියලා තියෙනවා.ඉතින් මන් හිතනවා මේක ගොඩක් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා,මොකද අපිට අපේ DATA කියන දේවල් ගොඩක් වටිනවා.ඉති ඔය ගොඩක් දියුණු රටවල් වල නම් failure hard disk repair කරනවා.එකට දැනුම තියෙනවා,උපකරණ තියෙනවා.ඉතින් failure වුනු hard disk ක් ඉවත් නොදමා එක කොහොමහරි working properly කරගන්න පුළුවන් නම් එක ලොකු ජයග්‍රහණයක් ලෙසයි අපි දකින්නේ.hard disk errors කිහිපයක් මෙතන තියෙනවා ඒවත් බලන්නකෝ.

windows-detected-a-hard-disk-problem.png

windows වලම hard disk errors check කරගන්න පුළුවන් Utility tool ක් එනවා යාලුවනේ.එකත් බලන්නකෝ කරන විදිහ.

rgfgdhfhfd

red


අපිට සොෆ්ට්වරේ එකක් හරහාත් අපේ hard disk එකේ status බලාගන්න පුළුවන් යාලුවනේ.Hard Disk Sentinel කියන්නේ ඒ වගේ software ක්.

මෙතනින් software එක ගන්නකො,

Download-button-now2.png


 

Advertisements

One thought on “Reasons of Hard Disk Drive Failures

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s