What is Bitcoin

ඔන්න ඔයගොල්ලෝ බලාගෙන හිටිය පොස්ට් එක.එන්න ටිකක් late උනා.කෙටියෙන්ම කියනවා නම් bitcoin කියන්නේ Digital currency ක්. ඒ කියන්නේ මේක භාවිතා වන්නේ අන්තර්ජාලය හරහා.අන්තර්ජාලය හරහා තමයි Bitcoin ගනුදෙනු සිදු වන්නේ.මේවා නිර්මාණය වෙන්නේ Electronically.කිසිම පුද්ගලයෙකුගේ හෝ ආයතනයක සම්බන්ධයක් නැහැ.මේ දවස් වල කාගේත් කතාබහට ලක්වෙන දෙයක් තමයි මේක.ඉතින් මම හිතුවා මන් දන්නා කියන දේවල් ඔයගොල්ලන්ටත් දෙන්න,මේකට යාලුවනේ cryptocurrency කියලත් කියනවා.

යාලුවනේ මේ bitcoin කියන දේ Dollars වගේ Printed paper එකක නැහැ.මේවා නිර්මාණය කරන්නේ මිනිසුන් විසින්. , and increasingly businesses, running computers all around the world, using software that solves mathematical problems.මේක අපිට use කරන්න වෙන්නේ mobile applications හරහා.

මේ Bitcoin නිර්මාණය වෙන්නේ 2009 වසරේදී,ඒ 2009දී Satoshi Nakamoto ලෙස හඳුන්වාගත් පරිගණක ක්‍රමලේඛකයෙක් විසින්.ඔයගොල්ලන්ට දැනගන්න මන් කියන්නම් මේ වෙලාවේදී 1 Bitcoin ක වටිනාකම Sri Lankan Rupee වලින් නම් 430556.42 වෙනවා, USA ඩොලර් වලින් නම් (2778.46 US Dollar) වෙනවා.ඔන්න බලන්නකෝ ඉතින් Bitcoin මෙච්චර famous වෙන්නත් මේක හේතුවක්.මෙතනට ගිහින් Bitcoin price changers බලාගන්න පුළුවන් ඔයගොල්ලන්ට.Click here

8ofyvrj6bz

අනිත් විශේෂම දේ තමයි අපි අපේ අනන්‍යතාව හෙළිකරන්න අවශ්‍යතාවයක් නැහැ, අපි කැමති නමකින් පෙනී හිටින්න පුළුවන්.

What makes it different from normal currencies

මෙහෙමයි අපි normal currencies විදිහට ගන්නේ dollars, euros, or yen වගේ දේවල් නේ.ඉතින් ඕව handle කරන්න වෙනම ආයතන තියෙනවා,කොටින්ම කිව්වොත් අපිට පෙන්වන්න පුළුවන් නේ මේ තියෙන්නේ dollars මේ තියෙන්නේ euros කියලා,නමුත් bitcoin එහෙම පෙන්වන්න බැහැ.මතක ඇතිනේ මන් කලින් කිව්වා bitcoin කියන්නේ Electronic Currency ක් කියලා.ඔයාට ඕන දේවල් ගන්න වෙන්නේ Internet එක හරහා. buying & selling දෙකම කරන්න පුළුවන්.මේ Bitcoin, decentralized ගනුදෙනුවක්.එක institution එකකින් මේක control වෙන්නේ නැහැ මේ Bitcoin network එක.

Transfers

අපිට මේ Bitcoins හුවමාරු කරගන්න පුළුවන් වෙන්නේ Mobile apps හරහා හෝ computers හරහා.

Mining

මොකද්ද මේ mining කියන්නේ,සාමාන්‍ය මුදල් මුද්‍රණය කරනවා වගේ Bitcoin නිර්මාණය කරන process එකට තමි මේ Mining කියන්නේ. Bitcoin mine කරන අය එහෙමත් නැතිනම් Bitcoin miners විශේෂ මෘදුකාංග භාවිත කරලා ගණිත ගැටළු විසඳීමක් තමයි මෙතැනදී වෙන්නේ. මේ විසඳන ගැටළු වල සංකීර්ණත්වය, විසඳන වේගය වගේ දේවල් මත ඊට සරිලන bitcoin ප්‍රමාණයක් ගණනය වෙනවා.

ඒ වගේම තමයි මේ Bitcoin mining process එකේදී සිදුවන සැම ගනුදෙනුවක්ම Blockchain කියන public ledger එකේ සටහන් වෙනවා,

Wallet

මොකද්ද මේ ? wallet එක තමයි bitcoin ගැන කතා කරනකොට කතා කරන්න ඕනේ අනිත් වැදගත්ම දේ,අපි earn කරන buy කරන bitcoin store කරගන්න තමයි අපි මේ wallet පාවිච්චි කරන්නේ,මේවා ඉතින් කීපයක්ම තියෙනවා,

  • Desktop wallet
  • Mobile wallet
  • Hardware wallet
  • Online wallet
  • Paper wallet

මේවගෙන් desktop wallet තමයි security අතින් හොදම.

 

How can I buy Bitcoins

හරි අපි දැන් bitcoin ගැන basic ටිකක් ඉගෙන ගත්ත නේ,දැන් එහෙනම් බලමු කොහොමද මේවා ගන්නේ කියලා.

ඔයගොල්ලන්ට Bitcoin buy කරන්න පුළුවන් exchanges වලින් හෝ Directly marketplaces වල ඉන්න කට්ටියගෙන් ගන්න පුළුවන්,ඔයාට විවිධ මාර්ග හරහා payment කරලා Bitcoin ගන්න පුළුවන්.ඔයගොල්ලන්ට පුළුවන් hard cash වලින් සිට credit and debit cards පත් දක්වා හෝ වෙනත් cryptocurrencies වලිනුත් මේවා ලබාගන්න.(Bitcoin)

තව දෙයක් කව්රුන්ගෙන්ද ඔයා ඒවා මිලදී ගන්නේ සහ ඔයාගේ country එක මත Bitcoin අගය තීරණය වෙනවා.ඔයාගේ credit card හෝ debit card වලින් මිලදී ගැනීම් සිදු කරන විට එයට යම් කිසි අධිකරණ/නීතියක් තිබුනා හෝ නොතිබුනා වෙන්න පුළුවන්,නමුත් Bitcoin හරහා ගමුදෙනු සිදු කරන විට කිසිදු නීතියක් නොමැත.ඔයා යම්කිසි ගෙවීමක් credit card හෝ debit card වලින් කරලා පසුව ඒක නැවත cancle කිරීමක් ආයතනික මට්ටමින් කිරීමට හැකි වුවද, Bitcoin හරහා ගනුදෙනු සිදී කරන විට cancle කිරීමක් ඔයාට කරන්න බැහැ යාලුවනේ.

ඔයා මුලින්ම කරන්න ඕනේ Bitcoin Wallet Service ක් ලබා ගන්න එක.අපි එක මුලින්ම  කරන්න ඕනේ ඔයා earn කරන coins store කරන්න පුළුවන් මේ wallet වල.හරියට Bank account ක් වගේ.එක එක wallet services වල diffrent security levels තියෙනවා. Depending වෙන්නේ ඔයා ගන්න wallet service එක අනුව. සමහර wallet services වල වඩා හොද Online Protection ක් තියෙනවා.

  • A software wallet stored on the hard drive of your computer
  • an online, web-based service
  • a ‘vault’ service that keeps your bitcoins protected offline or multisig wallet that uses a number of keys to protect the account.

 

මෙන්න මේක නම් මතක තියගන්නම ඕනේ.ඔයා bitcoins locally store කරනවා නම්,අනිවාර්යෙන්ම ඒක backup ක් තියාගන්නම ඕනේ,නැත නම් Hard disk failure ක් වුනොත් sorry.com තමයි. online web wallets වල varying degrees of security

levels තියෙනවා hackers ලා ගෙන් බේරිලා තියාගන්න.ඒවාට multi-factor authentication පාවිච්චි කරනවා.( ID, Password like that )

 

Bitcoin ගැන දැනගත යුතුම දේවල් මේ විදියට හඳුන්වන්න පුළුවන්.

  • Bitcoin එකක් වටිනාකම ඕනෑම වෙලාවක අඩු වැඩි වීම් වෙන්න පුළුවන්. මේ ගැන සහතික කිරීමක් සිදුවෙන්නේ නැහැ.
  • Digital wallet එකේ ආරක්ෂාව භාවිත කරන්න සතු වගකීමක් වෙනවා. සාමාන්‍යයෙන් Wallet service වලින් සැලකිය යුතු ආරක්ෂාවක් ලැබුනත් පරිගණක හා අන්තර්ජාලභාවිතයේදී සිදුවෙන වැරදි අතපසුවීම් නිසා ආරක්ෂාවට ගැටළු මතු වෙන්න ඉඩ තියෙනවා.
  • Bitcoin භාවිතයෙන් ගණුදෙනුවක් සිදුවූ පසු එය නැවත හැරවීමක් හෝ අවලංගු කිරීමක් සිදු කරන්න අවස්ථාවක් නැහැ. මේ නිසා සියලුම ගෙවීම් සහ අනෙකුත් කටයුතු සැලකිල්ලෙන් සිදු කලයුතු වෙනවා.
  • ඕනෑම කෙනෙක්ට ඕනෑම bitcoin address එකකසියලුම bitcoin transactions සහ account balance නැරඹිය හැකි විදියට public දක්වලා තියනවා. නමුත් ඒ ගිණුම් වල හඳුනාගැනීමේ අංක(ID) පමණක් වෙන අතර අයිතිකරුවන් විසින් හෙළිකළහොත් හැරෙන්නට අයිතිකරුවන් පිලිබඳ තොරතුරු හෙලිවීමක් වෙන්නේ නැහැ.

 

……..thankz for techwire…….

 

Advertisements

2 thoughts on “What is Bitcoin

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s