Intel Core i9 X-series Desktop Processor

සුබ දවසක් වේවා geek යාළුවො හැමෝටම ඔන්න ඉතින් අදත් වෙනද වගේම අලුත් දෙයක් අරගෙන ආවේ.Intel සමාගම හදුන්වා දුන් Core i9 desktop processor එක ගැන අද කතාව.

දැනට ලෝකයේ desktop processors නිෂ්පාදනය කරන සමාගමක් වන Intel සමාගම පසුගිය මස 30 වැනිදා තමයි මේ processor එක ගැන Presentation ක් කලේ.ඉතින් ඔයගොල්ලෝ දැනගෙන හිටියේ Intel Core i7 Processor එකනේ දැනට latest ම processor එක සහ Performance අතින් වැඩිම processor එක කියල.නමුත් දැන් අපිට කියන්න පුළුවන් Intel Core i9 processor එක තමයි latest ම සහ Performance අතින් වැඩිම processor එක කියල.

වැඩි දවසක් නැහැ මේක හදුන්වල දීලා.intel Core series එකේ Core i3 , Core i5 , Core i7 ලෙස processor වර්ග තියෙනවා නේ.ඉතින් මෙවගේත් first generation ,second… මේ වගේ ….දැන් කොහොමහරි 8 th Generation එකත් එන්න තියෙනවා..කොහොමහරි මේ Intel Core i9 processor එක පැමිණීමත් සමගම Core i3 , Core i5 , Core i7 processors වල මිල ගණන් වල අඩු විමක් වෙන්න පුළුවන් කියලත් අන්තර්ජාල වාර්තා වෙනවා.

Intel සමාගම processors විතරක්ම නිෂ්පාදනය කරන සමාගමක් නෙමෙයි.ඒ ඒ processors වලට වෙනමම Technologies include කරනවා.ඒවා ඔයාගේ hardware devices එක්ක match වෙන විදිහට.ඒ performance එහෙම වෙනස් කරනවා ඒගොල්ලන්ගේ  Generation එකත් එක්කම.මේ වගේ ගොඩක් දේවල්තියෙනවා Intel සමාගම ගැන කියනවා නම්.ඉතින් මම ඔයගොල්ලන්ට මෙතනින් කියලා දෙන්න හදන්නේ මේ අලුත්ම processor series එක වන INTEL Core i9 ගැන

මේවගේ features ගැන කතා කරන්න කලින් පොඩි පටලැවිල්ලක් තියෙනවා.මොකද්ද මේ X-series කතාව.මෙහෙමයි මේ Intel සමාගම විසින් අලුතින්ම හදුන්වා දුන් processor වර්ගයක් තමයි මේ, X-series කියන්නේ.මේක Intel Core i5 x-series, Core i7 x-series & Core i9 x-series ලෙස තමයි Intel ලා හදුන්වා දුන්නේ.අහ්හ් තව දෙයක් මේකත් එක්කම Intel ලා විසින් Intel Core i9 Extreme Processor එකකුත් හදුන්වා දුන්න.ඒ කියන්නේ Intel Core i9 Extreme Processor එක තමයි performance අතින් වැඩිම.තව ටික කාලෙකින් එකත් market එකට එනවා. මෙන්න තියෙනවා අදුරගන්නකෝ.

ඔන්න එහෙනම් අපි මේකේ features ගැන කතා කරමු.මේකත් එක්ක එන Chipset එක තමයි Intel X299 කියන්නේ.ඉතින් මේකත් එක්කම processor socket එකත් වෙනස් වෙනවා.socket එක වෙන්නේ Intel New socket R4 එහමත් නැත නම් socket LGA  2066,මේකට compatible වෙනවා All new intel x-series Processors.මේකත් එක්කම I/O capability එකත් improved කරලා තියෙනවා,ඒ අතර-

  • Up to 24 PCIe*3.0 Lanes,
  • Up to eight SATA* 3.0 Ports
  • Up to 10 USB 3.0 ports ,
  • Up to three Intel* Rapid storage Technology PCIe 3.0 x4 storage support
  • Supports Intel* Ethernet connection 1219

Intel processor series වල ප්‍රථම වතාවට Cores 18 ක් සහ threads 36 සමන්විත වෙනවා මේ New x-series core i9 Processor family එකේ. ඒ වගේම මේක Highest performance තියෙන processor ක්,produce amazing 4K or 360-degree videos, stunning photos, Advance Games play කරන්න,ඒ වගේම VR සදහා,content creation සදහා මේක යොදාගන්න පුළුවන්.මේ processor ක් use කළා කියන්නේ ආයේ අවුරුදු බර ගානකට processor ක් change කරන්න ඕන වෙන්නේ නැහැ,ඉතින් මේ processor එක Intel සමාගමේ ලොකු පියවරක් ලෙස දකින්න පුළුවන්.තව Overclocking සිදු කිරීම තවත් improve වෙලා තියෙනවා මේ processor එකේ.එකත් ලොකු advantage ක් අපේ Games play කරන කස්ටිය ට.මේකේ Power එක ගැන කියනවා නම් 165W and 140 W එනවා.Lithography එක වන්නේ 14 nm (Nano meter)

  • තව මේ core i9 Processor එක Four channel DDR4-2666 Memory support කරනවා.
  • තව මේකේ Integrated memory controller එකකුත් තියෙනවා.
  • ඉතින් යාලුවනේ මේ  core i9 Processor එක අයත් වන Intel processor Family එක වන්නේ Skylake-X…
  • Maximum memory support 128GB
  • Max memory channel 4
  • තව අලුත් features තමයි,Teraflop CPU,
  • support for Intel AVX-512, Improved වෙලා තියෙනවා
  • Intel Turbo Boost Max Technology 3.0 , 
  • Fully Unlocked for performance turning ,
  • Re balanced Intel smart cache Hierarchy ,
  • shared cache up to 16.5MB ,
  • Intel Optane memory
  •  Intel HT Technology…………….

මෙන්න මේ වගේ features අඩංගු වෙනවා මේ core i9 Processor වල.ඉතින් මන් හිතනවා මම අද මේ කියල දුන්නු ටික ප්‍රමාණවත් වෙයි කියල,ඔයගොල්ලන්ට just idea ක් ගන්න පුළුවන් මේ Intel new processor series වක වන Intel x-series Processors ගැන.පහලින් මම Videos වගයකුත් දාලා ඇති. ඒ වගේම මේ දේවලුත් ඔයගොල්ලන්ට බලන්න ඕන වෙයි.

8ofyvrj6bz

core i9                                     x299 chipset.PNG

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s