අලුත් අවුරුද්ද

 

අලුත් අවුරුද්දට කලින් ඔයගොල්ලෝ හැමෝටම article ක් ලියන්න හිතුවත් මට ඇත්තටම ලියාගන්න බැරි උනා.ඒත් දැන් ඇවිල්ලා තියෙන්නේ පුණ්‍ය කාලය.ඒ කියන්නේ බෞද්ධයෝ විදිහට අපි පන්සලට යන හින්දු අය විදිහට ඔවුන් කෝවිලට යන වෙලාව.ඩොන් පටස් මහා වරුසාවල්  පත්තු වෙද්දී හරියට මුළු අහසම දෙදරවලා.ඒ වගේ විතරක් නෙමෙයි, මල් වෙඩි මුළු අහසම ලස්සන චිත්‍රයක් කරනවා. මේ හැම දේම කරන්නේ අපි අපේ සතුට වෙනුවෙන්,ඒත් ඒ නිසා තව කෙනෙකුගේ සතුටකට බාධාවක් වෙනවා නම් ඒක එච්චර හොද නැහැ නේද.මෙහෙම ලස්සන බල බල ඉන්න මට එක පාරටම අඩි සද්දයක් ඇහුනා.

 

loveMeLg.png

කව්රුහරි දුවනවා වගේ දැනුනේ.මන් ගියා එලියට බලන්න මේ සද්ද වලට බය වුන අහිංසක බල්ලෙක් අපේ ගේට්ටුව ගාව හිටියා. පුණ්‍ය කාලේදී මට ලැබුන හොදම පින එක කියලයි මට හිතුනේ.මන් එයා ගාවට ගියා.ජීවිතය මරණ බයෙන් ඇලවිලා ගිහිල්ලා.අපිට වගේ නෙමෙයි,මේගොල්ලන්ට 20 htz වඩා අඩු සද්දත් ඇහෙනවා.ඒවා ඒගොල්ලන්ට ඇහෙන්නේ,මැස්සෙක් ගියත් හෙලිකොප්ටරයක් ගානට.ඉතින් මන් ඒ නිසා ඩොන් පටස් ගැන මුකුත් කියන්න ඕනේ නැහැ නේ.ඔයා සතුටු වෙන්න,එත් ඔයාට වැඩ හිතන්න මොලයක් නැති,ඒ අහිංසක සත්තු ගැනත් හිතන්න,ඒ ගොල්ලෝ හිතන්නේ ඒ සද්ද ඒ ගොල්ලන්ගේ ජිවිත වලට අනතුරක් හානියක්,ජීවිතය නැති වෙන්නයි යන්නේ කියලා,අපි අපේ ජිවිතයේ සතුට විදිද්දී.තව කෙනෙක්ගේ  හිතට ඒ වගේ දෙයක් දැනෙනවානම් එක හොද නැහැ නේද,අපි අපේ විදිහට සතුට බුක්ති විදිමු,අපේ සතුට බුක්ති විදින අතරේ,තව කෙනෙකුට,තිරිසනෙකුට උනත් කරදරයක් නොවී ජිවත් වෙමු.අලුත් අවුරුද්දේ සතුට විදිද්දී තව කෙනෙකුගේ හිතට ඒ වගේ දෙයක් දැනෙනවා නම් ඒක හොද නැහැ නේද.

අපි අපේ විදිහට සතුට බුක්ති විදිමු.අපේ සතුට බුක්ති විදින අතරේ,තව කෙනෙකුට තිරිසනෙකුට වුනත් කරදරයක් නොවී ජිවත් වෙමු.අලුත් අව්රුද්දෙ අලුත් ආරම්භයකට මන් හිතන්නේ ඒක හොදම දෙයක් වෙයි.මේ පුණ්‍ය කාලය.ජිවත් වෙන්න කව්රුත් කැමති,සතුටු වෙන්න කව්රුත් කැමතියි එත් අපි මේ කරන හැම දෙකින්ම තව කෙනෙකුට කරදරයක් වෙනවා නම් එක එච්චර හොද නැහැ නේද ඔයා ඩොන් පටස් විසි කරන තැන අහිංසක බල්ලෙක් හිටියොත් එයාට මොනවා වෙයි ද,ඔයා දන්නවද ජිවිතේ සත්තු ඒ වගේ දුක් විදලා තියෙනවා. ඩොන් පටස් නිසා ඇස් ,කන් මුණු,නැති කරගත්ත අහිංසක බල්ලෝ පුසෝ ගොඩක් ඉන්නවා.අද මේ කිව්වේ සත්තු වෙනුවෙන්…..ඔයා අව්රුද්දෙ සතුටු වෙන්න එත් ඒ අය ගැනත් හිතන්න..

මන් ඔයාගේ විසේකාර පන්හිද

……@……අකූ……@….

 

Created by Akushla

 

boys-grey-official-minion-character-dave-print-t-shirt-p27758-48577_zoom.jpg

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s