Windows 10 Creators Update Review

windows-10-creators-update.png

සුබම සුබ දවසක වේවා ඔයගොල්ලෝ හැමෝටම.ඔන්න ඔයගොල්ලෝ ආසාවෙන් බලාගෙන හිටිය Windows 10 Creators Update එක දැන් ඇවිල්ලා තියෙනවා.April 11 තමයි release කලේ.ඔන්න අද මම කතා කරන්න යන්නේ Windows 10 වල අලුත්ම Update එක ගැන.

කලින් Microsoft ලා කිඅලා තිබුනේ Windows 10 Creators Update එක මාර්තු මාසේ release කරනවා කියලා නමුත් එක ටික දවසකට කල් ගිහින් මේගොල්ලෝ ඊට පස්සේ Announcement  ක් දුන්නා April 11 ඒ කියන්නේ අද වගේ දවසක මේක ලෝකයේ සියලුම  දෙනාට release කරනවා කියලා.Windows 10 Creators Update එක එන්න කලින් ඔයගොල්ලන්ට මතක ඇති Anniversary Update කියලා ක් ආව.පොඩ්ඩක් ඉන්නකෝ මන් හරියටම කියනකල්.windows 10 original launch කලේ July 2015 වල.(ඊට කලින් Technical preview ක් ආවා මතක ඇති) ඊට පස්සේස 10 එකට අව්රුද්දක් පිරීම නිමිත්තෙන් ආවා Anniversary Update කියලා ක්.එකේ code name එක Red_stone 1.ඔන්න Anniversary Update එකට පස්සේ දැන් ඇවිල්ල තියෙන්නේ Creators Update එක.එකේ code name එක Red_stone 2.(Red_stone 3 එකකුත් එනවා මේ අව්රුද්දේම.) Red_stone 2 එහෙම නැත නම් windows 10 Creators Update version number එක 1703 වේ.

ඔයගොල්ලන්ට මේ Creators Update එක Download කරගන්න හෝ Upgrade කරගන්න විදිහ මන් කියන්නම්, Upgrade  කරනවා නම් ඔයගොල්ලෝ Anniversary Update එකෙන් තමයි කරන්න පුළුවන්.go to settings > Windows Update and Check for updates. Download කරගන්නවා නම් ISO ක් විදිහට මන් පොඩි software ක් දෙන්නම් එක හරහා අපිට Microsoft Download server එකෙන්  directly  Windows 10 Creators Update එක ගන්න පුළුවන්.

ms

downloading-png-6975.png

උඩ තියෙන Blue button එක click කලාම ඔයගොල්ලන්ගේ tool එක download වේවි.ඊට පස්සේ එක open කරගන්නකො.මන් කලින් post එකක මේ tool එකෙන් කොහොමද windows ගන්නේ කියලා දාලා ඇති.එක මෙතනින් බලන්නකෝ. click here….

mssss.JPG

මේ තියෙන්නේ Windows 10-Redstone -2 April 2017……. this is Creators Update

1.PNG

ඔන්න අපි දැන් බලමු Windows 10 Creators Update එක කොහොමද කියලා.එකේ වෙනස්කම්,අලුතින් add වෙලා තියෙන දේවල්.

Start menu and Action Center

කලින් ආපු Anniversary Update එකට වඩා start menu එකේ natural evolution ගතියක් තියෙනවා.ඒ වගේම MS ලා මේකට add කරලා තියෙනවා “live folders” facility එක,ඒ කියන්නේ You simply click and drag one tile over another tile live folder ක් automatically create වෙනවා.මෙන්න බලන්නකෝ මන් පුළුවන් විදිහට pic ක් පෙන්වන්නම්.

lf.JPG lf2

lf3.JPG අන්න දැක්කා නේද වෙන දේ.අපිට පුළුවන් එක tile එකකට තව tile ක් add කරන්න.ඊට පස්සේ එක folder ක් වෙනවා,එකට තමා “live folders” කියන්නේ.ඔයගොල්ලන්ට nice overview ක් බලාගන්න පුළුවන් මේ Update එකේදී start menu එකේ,සහ tile-resize options එහෙමත් තියෙනවා.but අපිට මේකෙදි folders name කරන්න බැහැ.බලන්නකෝ මේක පොඩ්ඩකට.(By default, you’ll still see your Apps List)…..But……………

sm

ඔයගොල්ලන්ගේ app list එක මෙතන නැහැ නේද? දැන් බලන්න හරියට ඔයගොල්ලන්ගේ windows mobile එක වගේ.අපිට මේ විදිහට start menu එක හදාගන්න පුළුවන්.Go to Settings>Personalization> Start> Show app list in start menu >  ඔන්න ඕක Off mode එකේ තියන්න.දැන් බලන්නකෝ start menu එකට ගිහිල්ලා.

pl

ඔයගොල්ලන්ට app list එක බලාගන්න පුළුවන් මේ hamburger menu එකෙන්.මෙන්න මේකටයි ඒ නම කියන්නේ.

sm

මන් හිතනවා ඔයගොල්ලන්ට මේ Update එකෙන් හොද Start menu experience ක් ගන්න පුළුවන්.Action Center එක ගැන කතා කරන්න ගත්තොත් ලොකු වෙනසක් සිදු වෙලා නැහැ,ඔයගොල්ලන්ගේ apps that are currently installing or updating වෙනවා නම් අපිට එක Action Center එකෙන් බලාගන්න පුළුවන්.තව Note සහ මේ Update එකේ new Feature ක් වන “Night Light” facility එක අපිට quick access area එකේ දැකගන්න පුළුවන්කම තියෙනවා.මේ “Night Light” එක ගැන මන් කියලා දෙන්නම්.

ac.JPG

windows 10 වල assistant වන Cortana ගේ notifications අපිට බලාගන්න පුළුවන් Action Center එකේ large text එකකින්,පහල taskbar එකේ නම් අපිට transparency ගතියක් දක්නට නැති උනත් windows 10 වල Background Interface එකට අව්ලක් නැහැ කියලා තමයි හිතන්නේ.Microsoft hasn’t fixed the issue with the Creators Update.

Microsoft Edge

Microsoft Edge කියන්නේ windows 10 එකත් එක්කම ආපු web browser ක්.මේකට නම් ඔයගොල්ලෝ ආසා නැති බව මන් දන්නවා නමුත් කලින් Update එකේදී ආපු Edge එකට වඩා මේ Update එකේදී එන Edge එකේ වෙනස්කම් වගයක් තියෙනවා අන්න ඒ දේවල් අපි බලමු.

ed

මේ පහල pic වල ආකාරයක ඔයගොල්ලෝ Microsoft Edge එකේ Tabs open කරගෙන තියෙනවා කියලා හිතන්නකෝ.එහෙම වැඩ කරගෙන යනකොට,tabs ටික close නොකර අපිට පුළුවන් ඒවා aside කරන්න මෙන්න මේ විදිහට.

aside.JPG

tabs ටික නැති වෙනවා.නමුත් බලන්නකෝ.අපි දන් වෙන site එකකට යනවා

aside w.JPG

මෙන්න බලන්න ඔයගොල්ලෝ aside කරලා තිබුණු tabs ටික මෙතනින් ගන්න පුළුවන්.

aside 2.JPG

ඔයගොල්ලෝ aside කරලා තිබුණු tabs සේරම මෙතන save විමක් වෙනවා..අනිත් එක තමයි අපි site එකකට යනකොට browser එකේ එක Tab ක් විදිහට නේ පෙන්වන්නේ..Microsoft Edge එකේ අපි ඉන්න tab එකේ Preview ක් අපිට බලාගන්න පුළුවන්කම මේ update එකෙන් හිමි වෙනවා.එක බලන්නේ මෙතනින්.

tab.JPG

ඔන්න ඉතින් මේ වගේ දේවල් තමයි අපිට බලාගන්න පුළුවන්..Microsoft ලා කියන විදිහට නම් මේ update එකේදී Microsoft Edge එකේ Browsing speed එකත් වැඩි කරලා තියෙනව කියලා තමයි කිඅන්නේ.ඒ වගේම security පැත්තත්.

I believe this feature will benefit the likes of students more than anyone, as it allows you to quickly save a current browsing session for later. For example, imagine writing a report and you have a number of research tabs open in Edge. You decide half way through writing that you’re done for now, but you need these tabs for when you return to writing. Instead of bookmarking each tab individually, you can just set the current browsing session aside and come back to it later.

“Zac Bowden is a Senior Editor at WindowsCentral”

Cortana

cortana.JPG

Cortana ගැන නම් මන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියල හිතනවා.ඔයගොල්ලෝ දැනටමත් මේක ගැන දන්නවනේ.ඉතින් මේ Creators Update එකත් එක්කම cortana ගේ facilities / functions improved කරලා තියෙනව කියලා තමයි MS ලා ගේ තොරතුරු අනුව.කොහොම උනත් අපිට මෙයාට commands දෙන්න ඕනේ windows 10 install කලාට පසුව නේ.නමුත් දන්නවද යාලුවනේ Windows 10 Creators Update එකේදී ඔයගොල්ලන්ගේ windows files ටික install උනාට පසුව ඉතුරු settings ටික අපිට කරන්න පුළුවන් මේ cortana හරහා.එයා step by step introduce කරනවා.අපිට “yes” or “no” කියන්න විතරයි තියෙන්නේ.

install

cortanaaaaa

Hi There! I’m Cortana.and I’m here to help.මෙතනින් තමයි cortana පටන් ගන්නේ.ඔයාගේ Region එක , Keyboard Layout එක , WiFi connectivity එක වගේ settings මෙයා හරහා අපිට config කරගන්න පුළුවන් windows installation Process එකේදිම.

region

keyboard

licence agreement

WiFi

finished

user

MS

one drive.JPG

last.JPG

මෙන්න මෙතනට වෙනකල් Cortana එක්ක තමයි අපි ආවේ.මෙන්න මේ steps ටික windows 10 Creators Update එකේ include කරලා තියෙනව.(Microsoft wants Cortana to start working for you) කලින්ට වඩා මෙයාට දෙනු ලබන voice commands මෙයා recognize කරගැනීමේ සම්භාවිතාවය වැඩි.

Windows Settings

Windows settings කියන්නේ windows 10 එන්න කලින් නම් අපේ සුපුරුදු Control Panel එක තමයි.නමුත් windows 10 එකත් සමගම ඒකටම ආවේනික වුණු settings,App ක් විදිහට එනවා.control panel එකේ තියෙන්නේ මොනවද ? ඒ හා සමාන දේවල් ටිකක් තමයි මේකෙත් තියෙන්නේ.අපිට නම් දන් වැඩි දෙයක් නෙමෙයි මේක.අපිට දන් මේක Familiar වෙලා තියෙන්නේ.ඉතින් යාලුවනේ windows 10 Creators update ත් එක්කම කලින් තිබුණු setting app එකේ වෙනස්කම් වගයක් තියෙනවා.

w settings.PNG

මෙන්න තියෙනවා යාලුවනේ අපේ settings app එක.බලන්නකෝ ඔයගොල්ලන්ට පෙන්න තියෙන වෙනස්කම් මොනවද කියලා.තව අමතර settings වගයක් add වෙලා තියෙනවා නේද? මන් මේ හැම එකම කියන්න යන්නේ නැහැ.ඔයගොල්ලොම බලන්න.Apps,Gaming,කියලා දෙකක් ඇවිල්ල තියෙනවා පෙන්න නම් , මන් ඔයගොල්ලන්ට ටිකක් කියන්නම්,මුලින්ම අපි යමුකෝ System එකට.

system s.PNG

බලන්නකෝ මුලින්ම තියෙන්නේ Display කොටසට අදාළ දේවල්.බලන්නකෝ උඩින්ම තියෙන එක.අහල තියෙනවද එහෙම ක් ගැන කලින් Update එකේදී.අන්න එක මේ Update එකෙන් ආපු ක්.Night Light.මන් මේක ගැන පහලින් පොඩි විස්තරයක් කරන්නම්.බලන්නකෝ ඊය පස්සේ දකුණට වෙන්න මොනවද Additional settings තියෙනවා නේද? අන්න එකත් මේ Update ආපු new feature ක්.එය අපිට තවත් ඒ හා සමාන settings වගයක් දෙනවා.මේකේ විතරක් නෙමෙයි.බලන්නකෝ මේ pic ටිකත්.ඒ වගේම තමයි කලින් Update එකේ වගේ අපිට ඕන කරන setting එක වඩාත් පහසුවෙන් අපිට search කරලා හොයාගන්න පුළුවන්.මොකද දන් Cortana ත් හොදට තියෙනවනේ.

1

2

3

මෙන්න තියෙනවා Gaming setting එක.

4.PNG

Storage Sense

තවත් වැදගත් feature ක් තමයි මේ Storage Sense කියන්නේ.මේකෙන් වෙන්නේ Temp files and ඔයාගේ recycle bin එකේ files ඉවත් කරලා දාන එක,අනවශ්‍ය files නිසා OS එකට වෙන හානිය අවම කරන්න සහ speed up කිරීමට මෙය වැදගත් වෙනවා.මේක by Default ON mode එකේ නෙමෙයි තියෙන්නේ ඉතින් අපිට මේක ON කරගන්න වෙනවා.Go to Windows Settings> System>Storage>Storage Sense mode එක ON කරලා,Change how we free up space click කරන්න.

1.PNG

2.PNG

ඔතන clean now දීලා අපිට පුළුවන් free කරගන්න අනවශ්‍ය files වලින් අපේ PC එක.ඉතින් මේක පොඩි setting ක් නමුත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එක හොදයි.

Apps & Features

Apps සහ features වලට මේ Update එකේදී වෙනම categories කරලා තියෙනවා..ඔයගොල්ලෝ install කරලා තියෙන හැම app ක් ම සහ Software ක් ම මෙතනින් අපිට බලාගන්න පුළුවන් සහ අපිට අනවශ්‍ය app සහ software remove කරලා දාන්න පුළුවන්.ඒ වගේම තමයි යම්කිසි app ක් working/function නොමැත නම් අපිට එක reset කරලා බලන්න පුළුවන් එක වැඩ කරනවද කියල ඒ වගේ Troubleshooting වැඩකුත් මෙතනින් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා.

1.PNG
2.PNG

Troubleshoot

ඔයගොල්ලන්ගේ මොනවහරි setting ක් function නැති උනාම ඔයගොල්ලෝ troubleshoot option එක run කරලා diagnose කරලා බලනවා නේද මොකද්ද අව්ල කියලා? ඒවා තියෙන්නේ control panel එකේ නේද.අන්න ඒ ටිකත් මේ Update එකෙන් පස්සේ setting app ඒකටම ඇවිල්ලා තියෙනවා.ඉතින් ඔයගොල්ලන්ට ඉතාමත් පහසුවෙන් Diagnose කරන දේවල් කරගන්න පුළුවන් මේ Troubleshoot එක run කරලා.ඉතින් මේක තියෙන්නේ Update & Security Troubleshoot click කරලා බලන්නකෝ.අපිට ඕන කරන option ටික එනවා.

1

2

‘Night Light’

“ඔයාට මුළු දවසම LCD display එක දිහා බලාගෙන වැඩ කරලා ගොඩක් වෙහෙසකර ඇති,ඔයාගේ eyes වලට ගොඩක් වෙහෙසකර ඇති.ඒ වගේම brain එකටත් එක බලපානවා,ඔබ නොදන්නෙහිද එය.LCD display එකෙන් එන කිරණ ඔයාගේ brain එක විඩාවට පත් කරනවා.දිවා කාලයට වඩා එය රාත්‍රී කාලයේදී ඔබට දැනෙනවා.LCD display එක දිහා බලාගෙන ගොඩක් වෙලා වැඩ කරලා ඒ සැනින්ම නින්දට යන අයත් නැතුවම නෙමෙයි….”

අන්න ඒ වෙහෙසකර බවට විසදුමක් තමයි මේ Night Light කියන්නේ.

4.PNG

Screen එකේ blue වගේ  brightness emitting කරලා warm color ක් දෙනවා මේකෙන්.(This happens due to screens emitting something called a blue light.) මෙහෙම feature ක් add කරලා තියෙන්නේ Users ලා late at night ,computers වල වැඩ කරලා කරලා නින්දට යනකොට ඒ අයට වෙහෙසකර තත්වයක් දැනෙනවා.ඒක නින්දට වගේම brain එකටත් හොද නෑ කියල තමයි MS ලා කියන්නේ.ඉතින් මේක setup කරලා schedule කරලා තියන්න පුළුවන්.ඔයාගේ ඇස් වලට විඩාවකුත් නැහැ ,you can get to sleep easier when you’re done.

minion-night-light-led

ඉතින් යාලුවනේ මේ Feature එකට කියන්නේ “Night Light” කියලා.මේක තියෙන්නේ settings app එකේ > system > display > night light.මේක by default off එන්නේ.,මන් නම් කියන්නේ යාලුවනේ මේ වගේ features ඉස්සරහට improve වෙන්න ඕනේ කියලා.

Paint 3D

Paint ! මේක ගැන ඕන පොඩි එකික් දන්නවා නේ,Mouse cursor එක පුරුදු උනේ මෙන්න මේ paint එක නිසා කිව්වොත් නිවැරදියි.මන් කිව්වේ මන් ගැන.paint එකෙන් අපි මොනවද කරන්නේ. චිත්‍ර අදින එකනේ කරන්නේ.

ඔන්න ඉතින් මේ Paint 3D කියන්නේ paint එකේ new version එක.ඒ කියන්නේ paint එක දැන් නව මුහුණුවරකින් තමයි එන්නේ.පරණ එකත් තියෙනවා.එක Paint,මේක paint 3D. Microsoft ලා windows 10 Creators update එක මගින් 3D පැත්තට අවධානයක් යොමු කරලීමක් සිදු වෙලා තියෙනවා.මේ ගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ OS එකෙන්ම 3D drawing සිදු කරලීමයි..ඉතින් අපිට මේක පහසුවෙන්ම start එකෙන් search කරලා ගන්නට පුළුවන්.ඉතින් මේ බලන්නකෝ.මේකෙන් අපිට 3D Experience ගන්න පුළුවන්.නව අත්දැකීමක් මේක.

1.PNG

2

ඔයගොල්ලන්ගේ පහසුවට මන් Video ක් දෙන්නම්.බලන්නකෝ එක.

Security

Security පැත්තට අවදානය යොමු කලොත් එහෙම MS ලා කියන්නේ ඉතින් Microsoft Defender ගැන නේ.ඉතින් යාලුවනේ security කියන එක අද වෙනකොට නැතුවම බැරි දෙයක් නේ.Virus.worms, මේ වගේ දේවල් වලින් ඔයගොල්ලන්ගේ Devices එක protect කරගන්න ඕනේ.ඉතින් Microsoft ලා කියන විදිහට නම් මේ Update එකේදී Devices වල ආරක්ෂාව ගැන ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා කියලා තමයි ආරංචිමාර්ග.

Windows Defender එකේ overview මේ Update එකත් එක්කම ලොකු වෙනසකට පත් වෙලා තියෙනවා.

cu-defender1.png

ඒ වගේම තමයි threats වලට හොද defender ක් මේ Update එකේදී මේ අය දීලා තියෙනවා.ඔයාගේ devices වල status පවා මේකෙන් බලාගන්න පුළුවන්.health එක වගේ දේවල්.හොද Fire wall Protection ක්,device preference & health…

Themes

windows 7 වල 8 වල අපි කැමති theme ක් download කරගෙන install කරගැනීමේ පහසුකම ලබා දීලා තිබුනත් windows 10 එකේදී එක ඉවත් කරලා තියෙනවා.නමුත් මේ Update එකේදී එක නැවතත් අපිට ලබා ගන්න පුළුවන්.නමුත් ඔයගොල්ලන්ට එක ගන්න වෙන්නේ MS Store එකෙන්.යන්නකෝ settings app එකේ Themes වලට.ඔතන Get more themes in the Store click කලාම අපිට themes download කරගන්න පුළුවන්.

3.PNG

2

Colors

මේ Update එකේදී ඔයගොල්ලන්ට windows colors set ක් දීලා තිඔන්වා.තමන්ට කැමති ක් තෝරාගන්න.ඉතින් ඔයාගේ background pic එකට settle වෙන විදිහට තමන්ට කමතෝ color ක් තෝරාගන්න පුළුවන්.ඒ වගේම තමයි මේ Update එකේදී Windows Personilization වැඩි වෙලා තිඔයෙන බවක් ඔයගොල්ලන්ට දැකගන්න පුළුවන් යාලුවනේ..

1.PNG

23.PNG



ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් තමයි මේ පාර windows 10 update එක ඇවිල්ලා තියෙන්නේ.මන් කිව්වා දේවල් වලටත් වඩා වැඩිය දේවල් තියෙනවා.ඔයගොල්ලොම බලන්න වෙනස්කම් මොනවද කියලා.ඉතින් කොහොමද මේ update එක ගැන හිතන්නේ ඔයගොල්ලෝ.හොදයි ද ? අඩුපාඩු තියෙනවා ද? හැම දේම පහල comment section එකෙන් දමන්න.,share කරන්නත් අමතක කරන්න එපා..

scroll-down.gif

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s