Kingston Data Traveler Ultimate GT 2TB

අඩු අවකාශයක වැඩි මතක ධාරිතාවක්

අතීතයේ තිබූ USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් උපාංගයන් හි ධාරිතාවයන් වර්තමානය සමගින් සසඳන විට, වසර 16 ක් පමණ කෙටි කාලයක් ඔස්සේ ෆ්ලෑෂ් මතක ධාරිතාවන් පැමිණ ඇති දුර සම්බන්ධයෙන් කෙනෙකුට මවිත නොවී සිටීමට නොහැකි වනු ඇත. වසර 2000 අවසානයේදී වෙළෙඳපොළේ තිබූ ඉහළම ධාරිතාවයේ USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් උපාංගයන්ට පවා ලබාදිය හැකි වූයේ උපරිම 8GB මතකයක් පමණි. පසුව මෙම උපරිම මතක ධාරිතාවය ක්‍රමයෙන් 16 GB, 32 GB, 64 GB ලෙසින් වැඩිවුණි.

වර්තමානය සැලකූ විට පසුගිය අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව තුළ බහුලවම භාවිතා වූ USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් උපාංගයන්ගේ මතක ධාරිතාවය 8 GB, 16 GB, 32 GB සහ 64 GB වූ අතර, අතරින් පතර 128 GB සහ 256 GB මතක ධාරිතාවයන්ද දක්නට ලැබුණි. කෙසේ නමුත් 512 GB සහ 1 TB ප්‍රමාණයේ සුවිශාල මතක ධාරිතා සහිත USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් උපාංගයන් ලංකාවේ මිලදී ගැනීමට තිබෙනු දක්නට නොලැබුණත්, කලාතුරකින් කෙනෙකු භාවිතා කරනු දක්නට නොහැකිවූවා නොවේ.

datatraveler-ultimate-gt-4.jpg

මෙම වසර වනවිට ෆ්ලෑෂ් ඩ්‍රයිව් උපාංගයක් තුළට අන්තර්ගත කළ හැකි උපරිම මතකය කොපමණද? එයට පිළිතුරු දෙමින් Kingston සමාගම මගින් නිර්මාණය කළ DataTraveler Ultimate GT උපාංගය පවසන්නේ තමන් සතුව අඟල් 2.8 ක ප්‍රමාණයේ රාමුවක් තුළ රඳවා ප්‍රමාණයේ 2 TB අතිවිශාල ධාරිතා හැකියාවක් ඇති බවයි! මේ සමගින් සිහිපත් කළ යුත්තේ තවමත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ විකිණෙන ලැප්ටොප් උපාංගයන්හි මතක ධාරිතාවයන් වන්නේද 512 GB නැතිනම් උපරිම 1 TB වන බවයි.

මෙම DataTraveler Ultimate GT ෆ්ලෑෂ් ඩ්‍රයිව් උපාංගය අඟල් 2.8×1.1×0.8 ලෙසින් මානයන් සලකුණු කරන අතර, එය සාමාන්‍යයෙන් ඔබ භාවිතා කරනා ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට වඩා විශාල වන බව පෙනී යයි. එනමුත් බහුලව දැකිය හැකි බාහිර දෘඩ තැටියකටත් වඩා මතක ධාරිතාවයක් රඳවාගත් උපාංගයක් ලෙසින් බලනා විට මෙහි ප්‍රමාණය පහසුවෙන්ම අමතක කොට දැමීමට හැකිවනු ඇත.

kingston_vertical_by_nfsfm-d5z05so.png

මෙම DataTraveler Ultimate GT ෆ්ලෑෂ් ඩ්‍රයිව් උපාංගයේ වෙළෙඳ නාමයේ GT යන්නෙන් පැවසෙන්නේ Generation Terabyte යන්න බව Kingston සමාගම ප්‍රකාශ කොට සිටිනා අතර, සැබවින්ම මෙය 1 TB සහ 2 TB ලෙස සංස්කරණයන් දෙකකින් යුතුව නිකුත් කරන බවද ඔවුන් පවසා සිටී. එසේම මෙහි ඇති USB 3.0 සම්බන්ධතාවය සමගින් වඩාත් ඉහළ දත්ත හුවමාරු වේගයක්ද පරිශීලකයින්ට ලැබෙනු ඇත.

මෙම නවතම ෆ්ලෑෂ් ඩ්‍රයිව් උපාංගයේ විශේෂත්වය වන්නේ අති දැවැන්ත මතක ධාරිතාව පමණක් නොවේ. සින්ක් මිශ්‍ර ලෝහයකින් තනා ඇති බඳ සහිත මෙම DataTraveler Ultimate GT උපාංගයට දැඩි උෂ්ණත්ව වෙනස්කම් අතර පවා ගැටළුවකින් තොරව ක්‍රියාත්මක විය හැක. එනම් සෙල්සියස් අංශක සෘණ 25 සහ 60 දක්වා පරාසයක් තුළ මෙයට මනා ක්‍රියාකාරිත්වයක් දැක්වීමට හැකිවනු ඇත. එසේම මෙයට කම්පන ප්‍රතිරෝධී හැකියාවක්ද තිබේ. මෙහි නිෂ්පාදකයින් පවසන්නේ වර්තමානයේ දක්නට ලැබෙනා බොහෝ ප්ලාස්ටික් හෝ ලෝහ බඳ සහිත ෆ්ලෑෂ් ඩ්‍රයිව් උපාංගයන්ට වඩා මෙය රළු භාවිතයට ඔරොත්තු දෙන බවයි.

kingston-ces-2017-custom-pc-review-2.jpg

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s