Keep Your Gmail Account Secure

සුබම සුබ දවසක් වේවා මගේ BLOG යාළුවො හැමෝටම.ඔන්න ඉතින් වෙනදා වගේම අදත් වටිනාම කියන පොස්ට් ක් අරගෙන ආවා.මතකයි නේද මම කලින් කියලා දුන්නා Facebook Account ක් secure ඇතුව use කරන විදිහ ගැන.අන්න ඒ වගේම මම හිතුවා ඔයගොල්ලෝ ගොඩක් භාවිතා කරන Gmail Security ගැනත් පොඩ්ඩක් Mention කරන්න.ගොඩක් අය gmail නේ තමන්ගේ personal email address එක ලෙස use කරන්නේ.ඉතින් ඔයාගේ gmail එක secure ද ? කොහොමද එක දැනගන්නේ සහ secure ලෙස තියාගන්නේ කොහොමද ? ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමා අද මම gmail safety ගැන කියලා දෙන්න හදන්නේ.ඉතින් මම හිතනවා Facebook වගේම මේ පොස්ට් එකටත් ඔයගොල්ලෝ ගොඩක් කැමති වේවි කියලා.එහෙනම් අපි වැඩේ පටන් ගමු.

Gmail-Safety.png

මම මුලින්ම මුලපුරන්න හිතුවේ ඔයගොල්ලන්ගේ Password එක පිලිබදව.

Choose a Strong Password

 ඔයගොල්ලන්ගේ gmail password එක ගොඩක් strong password ක් වෙන තරමටම ඒක තව කාටවත් guess කරන්න hack කරන්න අපහසු වෙනවා.ඉතින් අපි අන්න ඒ වගේ password ක් use කරනවා නම් තමා ගොඩක් හොද වෙන්නේ.වැදගත්ම දේ ඒ password එක ඔයාට මතක තියෙන්නත් ඕනේ.කොහොමද strong password ක් හදාගන්නේ ? ඉන්න මම එක කොටස් වශයෙන් කියලා දෙන්නම් ඔයගොල්ලන්ට.

802781640450937158.png


* Use a Unique Password for each of your important accounts.

මේක ඔයගොල්ලන්ගේ හැම account එකටම අදාළ දෙයක්.කිසිම විටෙක ඔයගොල්ලන්ගේ email accounts වලට Unique Password ක් use කරන්න එපා.මොකද ඒක ගොඩක් අවදානම් දෙයක්.කව්රුහරි එක email එකක password එක දැනගත්තොත් එක අනිත් email වලටත් බලපානවා.ඔයාගේ personal Information එලියට යන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ කිසිම විටෙක Unique Passwords දාන්න එපා ඔයගොල්ලන්ගේ email accounts වලට.සෑම විටම different password ක් use කරන්න.(like your email and online banking accounts will be hack)

Capture.PNG

*Use a mix of letters,Numbers & Symbols in your Accounts.

හැම තිස්සෙම ඔයගොල්ලන්ගේ password එකට Numbers,Symbols,& mix of upper and lower case letters වලින් ඔයගොල්ලන්ගේ password එක create කරගන්න.එතකොට ඒක කාටවත් hack කරන්න guess කරන්න බැහැ.minimum ඔයගොල්ලන්ගේ password එකට 8 characters වත් තියෙන්න ඕනේ.

*Don’t use personal Information or common words as a Password.

ඔයගොල්ලෝ create කරන Unique password එක ඔයගොල්ලන්ගේ personal info වලට කිසිම සම්බන්ධයක් නොමැති විදිහට numbers symbols භාවිතා කරන්න.

*Keep Your Passwords secure.

කිසිම වෙලාවක ඔයාගේ passwords note down කරන්න යන්න එපා කොහෙවත්ම.ඔයාගේ computer එකේ.table එකේ book එකක.එතකොටත් යාලුවනේ ඔයගොල්ලන්ට risk ක් තියෙනවා.තමන්ගේ social networks වල passwords තමන්ම මතක තියාගන් එක තමා මන් නම් කියන්නේ හොදයි කියලා.ඔයා note down කරපු ක් වෙන කව්රුහරි දැක්කොත් ඔයාගේ email එකට බලපෑමක් වෙන්න තියෙන අවදානම වැඩියි.

qijmilgzugje40katfkr.jpg

වැදගත්ම දේ මේක.ඔයා social networks වලට ගියාම ඇයි save password දාන්නේ ? ඔයා එහෙම කරන්නේ ඔයාට හැම තිස්සෙම password එක type කර කර ඉන්න බැරි නිසා නේද? ඔව් එක ඇත්ත.හිතන්නකෝ ඔයාගේ computer එකට කව්රුහරි සම්බන්ද වෙලා ඔයාගේ password වෙනස් කරන්න හදනවා කියලා.current password එක ඕනේ තමා.නමුත් එකත් බලාගන්න පුළුවන් Chrome නම් log වෙලා save password දැම්මේ.settings වලට ගිහිල්ලා password manager ගිහින් අපිට බලාගන්න පුළුවන් save කරලා තියෙන සෑම password ක් ම.එක hide වෙලා තියෙන්නේ.බලන්න ඉතින් එකත් google ගේ security ක්.එක ඔයාට show කරගන්න වෙන්නේ windows user account එකේ password එක ඇතුවයි.

manage passwords.PNG

යන විදිහ මෙහෙමයි.Go to Google settings > type into search bar ” manage password ” > now click manage password

දැන් hide වෙලා තියෙන passwords show කරන්න බලන්න.user account එකට password ක් දාල තියෙනවා නම් එක ඉල්ලනවා show කරන්න.මන් හිතනවා ඔයගොල්ලෝ තවත් දෙයක් ඉගෙනගත්තා කියලා.windows password එක වැදගත් වෙන්නේ user account එකකටම විතරක් නෙමෙයි.තව ගොඩක් දේවල් වලට ඔයගොල්ලොන්ගේ වින්ද්වොස් user account password එක වැදගත් වෙනවා.අපි ඉස්සරහට එක කතා කරමු.

Don’t Use 3rd Party software

අනිත් කාරණාව කිසිම විටෙක 3rd party software use කරන්න එපා ඔයගොල්ලන්ගේ අමතක වෙන password store කරගන්න.එක solution ක් වෙන්න පුළුවන්.නමුත් risk ක් එක.

Check Your Gmail Settings

ඔයාගේ gmail settings පිලිබදව ඔයාට දැනුමක් තියෙන්නම ඕනේ.නිතරම බලන්න ඔයාගේ gmail එකේ settings.ඒවා වෙනස් වෙලා ද නැද්ද යන්න පිලිබදව.

  1. Using a browser, open Gmail.
  2. In the top right, click Settings Settings.
  3. Click Settings.
  4. Click the tabs below to check your settings.

 

Update Your Browser

ඔයාගේ web browser එක most current version එකෙන් තියෙන්න ඕනේ..ඒ කියන්නේ.update වෙලා තියෙනකොට තමයි එකට අදාළ latest security features add වෙන්නේ.මෙතනින් ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් ඔය use කරන web browser එක latest ද නැද්ද කියලා.

capture

  1. If you see “This is the most current version,” your browser is already updated.
  2. If you see “There is a newer version,” click Update your browser to download the newest version.

 

Turn on 2-Step verification

ඔයගොල්ලන්ට මතකද මේක ? (two-factor authentication) මේක ඔයගොල්ලෝ enable කරලා තිබ්බොත් password එක enter කල පලියට ඔයගොල්ලන්ට email එක access කරන්න බැහැ.මොකද ඊලග step එක / ඒ කියන්නේ තව වතාවක් verify වෙන් ඕනේ ඒ ඔයාමයි කියලා.ඒ නිසා 2 nd Step verify code අකක් යනවා ඔයගොල්ලන්ගේ mobile එකට.ඒ code එක නැතුව access කරන්න බැහැ email එක..

Set up 2-Step Verification

  1. Go to the 2-Step Verification page. You might have to sign in to your Google Account.
  2. Select Get started.
  3. Follow the step-by-step setup process.

 

තවත් වැදගත්ම කාරණාවක් තමා ඔයාගේ මේ gmail එකෙන් ඔයාගේ Android device එක manage කරන්න පුළුවන්.Lock කරන්න , device location හොයාගන්න , erase කරන්න , ring ක් දෙන්න වගේ දේවල් කරන්න පුළුවන්.ඒ වගේම automatically Unlock වෙන විදිහටත් config කරන්න පුළුවන්.

see-more-button.png

Keep your Device Clean.

මේකෙන් කියන්නේ යාලුවනේ ඔයගොල්ලන්ගේ device එක ( desktop/laptop/mobile/tablet) යන දේවල් unwanted programs වලින් , viruses වලින් තොරව තියාගන්න කියලා.මොකද virus වගේ දේවල් වලින් පුළුවන් ඔයාගේ all information පිටතට එන විදිහට එක හදන්න.

Adding a Phone Number to your Account

 

ඇයි අපි අපේ mobile number එක google එකට add කරන්නේ? එහෙම කරන්නේ හැමෝටම පෙන්න නෙමෙයි.ඒක යාලුවනේ අපේ security feature ක්.හදිස්සියෙවත් අපිට අපේ password එක අමතකයි නම් අපිට අපේ mobile number එක recovery option එක විදිහට අරගෙන අපිට new password ක් දාන්න පුළුවන්.එක වෙන්නේ අපේ mobile එක verify කරලා google එකෙන් code ක් එනවා mobile එකට.එක හරහා තමා password එක renew කරගන්න වෙන්නේ.ඒ නිසා හැමෝම තම තමන්ගේ mobile number එක ඔයාලගේ Account එකේ recovery Option  එක ලෙස භාවිත කරන්න.

  1. Sign in to My Account.
  2. In the “Personal info & privacy” section, select Your personal info. 
  3. Choose Phone. 
  4. If adding a phone number, select Add Recovery Phone.
    Or, if editing a phone number, select edit Edit.
  5. Follow the onscreen instructions.

Note: You must use a mobile phone with text messaging turned on.

gh.PNG

 

Forgot Your password ?

ඔයාට ඔයාගේ gmail එකේ password එක අමතකයි නම් මොකද කොරන්නේ ? ඔයා ඔයාගේ gmail එක හරියට setup කරලා තියෙනවා නම් ඔයාටම පුළුවන් new password ක් දාන්න.ක්‍රම කිහිපයක් තියෙනවා.බලන්නකෝ මේවා.

මුලින්ම ඔයාගේ email එක type කරලා enter වෙලා forgot password click කරන්නකෝ.බලන්නකෝ මුලින්ම එන්නේ මොකද්ද කියලා.

Enter the last password You remember !

Capture.PNG

මේක ඉතින් කොහෙත්ම හරියන්නේ නැහැ නේ.ඒ නිසා යන්නකෝ.Try a different question> ඊට පස්සේ මොකද්ද ආවේ

Get a verification code by text message or phone call

gh

 

මෙන් මේක ගැන තමා මන් ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වේ.ඔතන තියෙන send text message click කලාම code ක් එනවා ඔයගොල්ලන්ගේ mobile එකට..ඒක දීල අපිට පුළුවන් password එක renew කරගන්න.අපි තව option ක් බලමු ද? එහෙනම් Try a different question click කරන්නකෝ.බලන්න මොකද්ද ආවේ කියලා.

Recovery Email

Capture.PNG

Recovery email එක හරහාත් අපිට අපේ password එක renew කරගන්න පුළුවන්.ඔතන send click කලාම ඔයාගේ recovery email එකට යනවා code ක්.එකේ පුළුවන් වැඩේ කරගන්නත්. අපි තව option ක් බලමු ද? එහෙනම් Try a different question click කරන්නකෝ.බලන්න මොකද්ද ආවේ කියලා.

When did You create this Google Account

capture

මෙච්චර දුර නම් අපි යන්නේ නැහැ යාලුවනේ.ලේසිම විදිහ mobile verify නිසා.නමුත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එක හොදයි කියලා හිතුවා මම.ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ gmail එක create කරපු දවස මතකයි නම් අපිට එක දීලත් password එක renew කරගන්න පුළුවන්.කැමති නම් තව පාරක් බලමු different question click කරලා.මොකද්ද ආවේ?

capture

කාගෙහරි email ක් දෙන්න පුළුවන් මේකට.ඒ දෙනු ලබන email එකට යනවා code එක.ඒ code එක හරහාත් අපිට වැඩේ කරගන්න පුළුවන්.නමුත් යාලුවනේ මේක success නැහැ.හොදක් දුරට මේ Option එකට ගියාම fail වෙනවා access කරන එක.ඒ නිසා මන් කලින් කියලා දුන්නු option වලට යන්නකෝ ඔයගොල්ලෝ..බලන්නකොම් ඉතින් තවත් different question ක් click කරන්න තියෙනවා.කරලා බලන්නකෝ.මොකද්ද ආවේ?

capture

5cRXzg7bi.png

වැඩේ කෙල උනා නේද? ඔන්න ඕකයි තත්වේ මන් කිව්වේ.මන් ඔයගොල්ලන්ට කියලා දුන්නේ නැහැ නේද කොහොමද අපි recovery email ක් add කරන්නේ කියලා.හරි අහගන්නකෝ.

 

Add or change a recovery email

  1. Sign in to My Account.
  2. In the “Personal info & privacy” section, select Your personal info.
  3. Choose Email.
  4. From here you can:
    • Add a recovery email: Next to “Recovery email,” select Add recovery email.
    • Change your recovery email: Next to “Recovery email,” select your email address.
  5. Enter your recovery email address.
  6. Select Done.

ඔන්න ඔහොම තමා recovery email ක් add කරන්නේ.දන්නවනේ ඉතින් එක ඔයගොල්ලන්ට කොච්චර උවමනා වෙනවද කියලා.

එහෙනම් යාලුවනේ Google Security tips ගැන මන් කියලාඅ දුන්නු ටිකේ මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් අපිට කියන්න.Comment කරන්න.අනිත් යටත් දැනගන්න share කරන්න..සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම.  ( KUSHAN )


 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s