අද ලෝක ළමා හා වැඩිහිටි දිනය !

ඔන්න ඉතින් කොයි කාටත් මේ දවස නම් ඉතින් අමතක වෙන දවසක් නෙමේ නේ.අද තම ලෝක ළමා හා වැඩිහිටි දිනය.

ගෝලීය ලෙසින් ළමයින්ට ගරු කරනු වස්, ලෝකයේ විවිධ ස්ථානයන්හී ළමා දිනය සැමරුම සඳහා විවිධ දිනයන් භාවිතා කෙරෙයි. මෙසේ දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ, 1925දී පැවැත්වුනු ළමුන්ගේ සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවෙහිදී වන අතර, 1954 දී තීරණය වුනේ විශ්ව වශයෙන් “සුදුසු” දිනයක් තෝරාගත යුතු බවයි.  ගෝලිය වශයෙන් විවිධ ප්‍රභේද්‍යයන් පවතින අතර, එයින් ප්‍රධාන තැනක් ගන්නේ, එක්සත් ජාතීන්ගේනිර්දේශය මත, නොවැම්බර් 20 දින සැමරෙන විශ්ව ළමා දිනය වෙයි.

happy-childrens-day-a-peek-at-our-gift-picks

විශ්ව ළමා දිනය වාර්ෂිකව නොවැම්බර් 20 දිනදී පැවැත්වෙයි. 1954දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම දිනය, සංස්ථාපනය කිරීමේ අරමුණ වූයේ, පළමුව ළමුන් අතර අන්‍යොන්‍ය හුවමාරුව සහ අවබෝධය දියුණු කර ලීම සඳහාත්, දෙවනුව ලෝකයේ ළමුන්ගේ ප්‍රයෝජනය සහ සුබසාධනය සඳහා අනුග්‍රහය දක්වන ක්‍රියාමාර්ග ඇරඹීම සඳහා දිනයක් වෙන් කරන මෙන් සියළු රටවල් උනන්දු කිරීම සඳහාය.

ඉතින් යාලුවනේ ශ්‍රී ලංකාවේ, ළමා දිනය පැවැත්වෙන්නේ ඔක්තොම්බර් 1 වන දිනදීය.මෙවර එහි තේමාව ළමා මිතුරු පරිසරයක්, ලොව බබලන සොඳුරු ‍දැයක් යන්න ය.ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත කර ගැණුනේ, 1989 නොවැම්බර් 20 වනදා ය.එම ප්‍රඥප්තියට අනුව, නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස, අවුරුදු 18 ට අඩු සියලු මනුෂ්‍යයන්,ළමුන් ලෙස සැලකේ.ළමා දිනය මෙන්ම අදට යෙදී ඇති ලෝක වැඩිහිටි දිනයද ලොව පුරා සැමරේ.මෙවර වැඩිහිටි දිනයේ තේමාව වී ඇත්තේ සුපහසක් නගරයක්, සොඳුරු වැඩිහිටි වියක් යන්න ය.”””””””

 

all_about_me_boy_t

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s