Actually What happen Sri Lanka President WebSite ?

මේ දවස් වල හැමෝම වගේ කතාබහට ලක් වෙන ශ්‍රී ලංකාවේ President WebSite එක hack කිරීම සම්බන්දව ඇත්ත තත්වේ මොකද්ද ? ඒ ගැන අපි අද සාකච්චා කරමු..පසුගියදා ලංකාව පුරා ජනප්‍රිය උනේ මේක තමා President WebSite එක hack කරලා කිව්වම ඒක එක සැනෙකින් වියාප්ත උනා.කොහොමහරි මේකට මුලින්ම චෝදනාවට ලක් උනේ 17 හැවිරිදි A/L  සිසුවෙක්.එයා මේක කරලා තියෙන්නේ බොහොම primary විදිහට කියලා තමා කියන්නේ.

president-maithripala-sirisena-364x205

කොහොමහරි ඉතින් දැන් නම් අනාවරණය කරලා තියෙන්නේ මේකට බංගලාදේශ් පුද්ගලයෙකු සම්බන්ද බව.කොහොමහරි ඉතින් ලංකාවේ website වල තියෙන security සම්බන්දව නම් ලොකු ගැටළුවක් තියෙනවා.What the shame ! ඇත්තටම සම්බන්ධවී ඇත්තේ බංග්ලාදේශ හැකර් කණ්ඩායමක් බවත් මුල්වරට සිකුරාදා ඔවුන් වෙබ් අඩවිය හැක් කිරීමෙන් පසුව ඔවුන් හා සම්බන්ධතා තිබුණ පාසල් සිසුවා හා ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පියා ඔවුන්ගෙන් වෙබ් අඩවියට ප‍්‍රවිශ්ට විමේ තොරතුරු ලබාගෙන
නැවත එයට ඇතුළුවී උසස්පෙළ කල්දැමීම ඇතුළු ඉල්ලීම් සහිත නිවේදනය ටයිප් කර ඇතුළ් කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙම හැකර් ප‍්‍රහාරය සිදු කර ඇත්තේ ජනපතිගේ වෙබ් අඩවිය පවත්වා යන වර්ඞ්ප්‍රෙස් නමැති තොරතුරු කළමණාකරණ පද්ධතියේ යාවත් කිරීම ප‍්‍රමාදවූ ඇඩොනයක් හැක් කිරීමට ලක්කිරීමෙනි.

කලින් කලට තාක්ෂණිකව යාවත්කාල කළයුතු එම පද්ධතිය පවත්වායන අය විසින් කාලයක් තිස්සේ එම යාවත් කාල කිරීම අතපසුකිරීම නිසා පහසුවෙන් හැකරුන්ට පද්ධතියට ඇතුළ්වන්නට හැකියාව ලැබී ඇත.
බංග්ලාදේශයේ සිට ක‍්‍රියාත්මක වන ටීම් සීසී නමැති හැකර් කන්ඩායම වෙනුවෙන් ස්කයිඩි කාන් නම් ඇති පුද්ගලයා මෙම හැකර් ප‍්‍රහාරය දියත් කර පළමු දිනයේ ටීම් සීසී විසින් ප‍්‍රහාරයක් සිදු කළ බව දැනුම්දීම පමණක් කර තිබුණි.
යකඩයා ෆෝරම් සමග සබඳතා පවත්වන ඔවුන් වෙත එම ෆොරමයේ සිටින අදාළ පාසල් සිසුවා පණිවිඩයක් යවා ජනපතිගේ වෙබ් අඩවියට ඇතුළුවීමට අවශ්‍ය මුරපදයක් ඉල්ලාගෙන ඇති අතර පසුව ඔහුද දෙවන වරටත් ඇතුළුවී තමන්ගේ හිතේ තිබුණ උසස් පෙළ කල්දැමීමේ හා විශ්ව විද්‍යාල ප‍්‍රශ්නයේ පණිවිඩ ඇතුළු කර බැරිනම් ඉල්ලා අස්වෙන්නැයිද කියා නිවේදයක් පළ කර තිබේ.
මේ අවස්ථාවේ තමන්ගේ අයිපී ලිපිනය එහි සටහන් වන බවක් හෝ පසුවට කරදර ඇතිවේ යයි බියක් හෝ එම සිසුවාට තේරුමක් තිබී නැත.

තාක්ෂණික විශේෂඥයින්ගේ අදහසට අනුව මෙහිදී කඩුගන්නාවේ පාසල් සිසුවා සිදු කර ඇත්තේ සරල කටයුත්තක් වන අතර හැක් කිරීමේ කාර්යය ඔහු හරිහැටි හඳුනාගෙන සිදු කළ දෙයක් බවද පෙනී යන්නේ නැත.
බංගලිදේශයේ හැකර් ප‍්‍රහාරකයින් මෙම කටයුත්ත සිදු කිරීමෙන් පසුව සුපුරුදු පරිදි ‘අපි වැඩක් කළා’ යන්න ඔවුනට අයත් තාක්ෂණික ෆෝරම් ඔස්සේ ප‍්‍රසිද්ධ කර තිබුණ අතර එහිදී 103.11.32.16  යන ලංකාවේ අයිපී ලිපිනයද සමග ඒ වැඩය ගැන සඳහන් කර තිබී ඇත.
ඒ නිසා මේ ගැන පරීක්ෂණ පැවැත්වූ පොලිසියට පහසුවෙන්ම අදාළ අයිපී ලිපිනය පවා ලබාගන්නට හැකියාව ලැබී ඇති අතර සිසුවාව පැය 48 ක් යන්නට පෙර කොටු විය.
මොනා උනත් මේක ලෝකයේ අනිත් රටවල් දන ගත්තම හිනා යන කරුණක් වන්නට ඇත.
හැකර් ප්‍රහාරය ගැන බංග්ලාදේශ හැකරුන් පළ කළ තාක්ෂණික දත්තය පහතින්

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s