What is Torrent

කොහොමද මගේ යාලුවනේ ! ඔන්න ඉතින් බලන්නකෝ මම අද අරගෙන ආවේ මොකද්ද කියලා..මේ දවස් වල බොහෝ දෙනෙක් කතා වෙන torrent ගැන කියලා දෙන්න තමා ආවේ…kickass site එකට උණු දේ නිසා දැන් බොහෝ දෙනා torrent ගැන උනන්දු වෙනවා..

Torrent_NoShadow_Shadow1


ඔයගොල්ලෝ Internet එකෙන් films ,games , software, songs ආදී දේවල් use කරනවා නම් / download කරනවා නම් කොහොමද  ඒවා හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ ඔයාට මේ torrent නිසා.ඔයා torrent use නොකලත් , වෙන කෙනෙක් download කරපු දේවල් තමා ඔයාට මේ ලැබෙන්නේ..torrent කියන්නේ යාලුවනේ අපිට ගොඩක් සේවාවක් කරනා දෙයක් තමා.මේක internet community ක් කියන්නත් පුළුවන්.ගොඩක් දෙනා හිතන් ඉන්නේ යාලුවනේ torrent කියන්නේ හොරෙන් දේවල් ලබා ගැනීමක් කියලා.සල්ලි දීලා ගන්න තියෙන දේවල් free ගන්න පුළුවන් විදිහක් කියලා.එහෙම දෙයක් නෙමේ යාලුවනේ වෙන්නේ ..


අපි මුලින්ම බලමුද කොහොමද files download වෙන්නේ කියලා..( if you download anything ) ඔයාට තියෙන්නේ download button එක press කරන්න.එත් කොහොමද එක වෙන්නේ කියලා දන්නවද යාලුවනේ ?

download-button_1 ඔයාගේ computer එක Internet එකට connect වෙලා තියෙන්නේ.ඉතින් ඔයා download කරන්නට ඕනේ කරන දේ තවත් කොහේ හරි computer එකක store වෙලා තියෙන්නේ.computer ක් කිව්වට එක normal computer ක් නෙමේ.එක server ක්..ඔයා දැන් song ක් download කරනවා කියලා හිතන්නකෝ එතකොට signal ක් යනවා server එකට ඔයා download කරන්න හදනවා කියලා..එතකොට එයා ඔයාට ඒ song එක / file එක ලබා දෙනවා..මෙන්න මෙහෙම තමා normally download ක් සිදු වෙන්නේ..

download

ඔයාලගේ computer එකට Internet එක හරහා මේ මේ files/songs එනකොට එක එන්නේ song ක් විදිහට නෙමේ..එක එන්නේ 1 01 01 01 01 01 01 01 01 0101 0101 ආදී ලෙස තමා පොඩි පොඩි කෑලි ලෙස.ඔයාගේ computer එකට ආවට පස්සේ තමා එක 100% complete file එකක් බවට පත් වෙන්නේ..එහෙම කෑලි කෑලි එන නිසා තමා ඔයා download කරනකොට 1% 2% 3% 3.5% ලෙස පෙන්වන්නේ..ඉතින් යාලුවනේ ඔන්න ඔහොම තමා normally file ක් download වෙන්නේ..ඉතින් යාලුවනේ මේ විදිහට කරනකොට අවාසි තියෙනවා..මේකට ඔයාගේ computer එකේ performance , Internet Performance සහ ඔයාට download එක එන තැනේ Internet speed එකත් බලපානවා..එත් සමහම මේක ඔයා විතරක් නෙමේ නේ download කරන්නේ..අනිත් අයත් එකවරම මේක download කරන්න යනකොට slow වෙනවා.server එක down වෙන්නත් පුළුවන්.

slow-internet-philippines

ඉතින් යාලුවනේ මේක මහා කරදරයක්.ඉතින් ඕකට පිලියමක් විදිහට තමා යාලුවනේ මේ Torrent කියන දේ ආවේ.peer to peer protocol ක් මේක..දැන් අපි බලමු කලින් විදිහටම file ක් download කරන්නේ torrent භාවිතා කරලා.

image6

බලන්නකෝ මේ pic එක..මන් කියල දෙන්නම් ඊට පස්සේ.

BitTorrent_network.svg

ඔන්න කලින් වගේම file ක් internet එකට කව්රු හෝ කෙනෙක් Upload කරනවා torrent ක් විදිහට..එයාට අපි seed කෙනෙක් කියලා කියනවා.ඉතින් ඊට පස්සේ අපි වගේ කට්ටිය ඒ කියන්නේ downloaders ලා ඒ file එක download කරගන්නවා.එතකොට ඒ files download කරන කට්ටියට කියනවා අපි leeches ලා කියලා.( seed & lech ) * Example :- A,B,C කියලා computers 3ක් තියෙනවා කියලා හිතන්නකෝ..දැන් ඒ ගොල්ලෝ ටොරෙන්ට් මගින් මන් අර කියපු file එක download කරගන්න හදන්නේ..මුලින්ම download කලේ  *A* නම් එයා එයා අනිත් කෙනාට support ක් විදිහට files යවනවා.ඉතින් යාලුවනේ main server එකෙන් file එක download වෙන්න කලින් අනිත් දෙන්නට පුළුවන් ගොඩක් speed එකෙන් file එක අරගන්න..ඉතින් දැන් *2* ත් complete උනාට පස්සේ 1 සහ 2 ත් යන දෙන්නම support එක දෙනවා *3* computer එකට අර file එක download කරගන්න..ඉතින් ඔයාට ටෙරෙනවා ඇති වඩාත්ම ඉක්මනින් download කරගන්න පුළුවන් කියලා.

how-torrent-works

ඉතින් යාලුවනේ මේ හැමෝම complete උනාට පස්සේ ඒ ගොල්ලෝ හැමෝම seed කෙනෙක් බවට පත් වෙනවා.දැන් ඒ file එක download කරගන්න තවත් කෙනෙක් ආවොත් එහෙම අර 3 දෙනා සහ main server එකේ support එකත් ඇතුව ගොඩක් speed එකෙන් අනිත් කෙනාට download කරගන්න පුළුවන් වෙනවා..ඉතින් අන්තිමට එයත් seed කෙනෙක් වෙනවා.ඉතින් ඔන්න ඔය විදිහට circle ක් විදිහට තමා ඕක යන්නේ..

bittorent

ඉතින් යාලුවනේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේක normal download ක් නෙමේ.මේක community ක්.අපි හැමෝටම උදව් කරගන්නවා..අන්න ඒ විදිහට ලස්සනට යන Download Network Community ක් තමා මේ Torrent කියන්නේ..මන් හිතනවා ඔයගොල්ලන්ට idea ක් එන්න ඇති කියල.

ඉතින් යාලුවනේ මේ torrent download එක නිතයනුකුල දෙයක්.මොකද ඕනෑම කෙනෙක් ට පුළුවන් Internet එකේ Upload කරලා අනිත් අයත් සමග බෙදා ගන්න.මෙන්න මෙහෙම දේකුත් තියෙනවා යාලුවනේ..මේක නිතයනුකුල නොවෙන්නේ company විසින් මුදල් ගෙවා ගන්න ඕන කරන දේවල් ( software , games , movies ) වගේ දේවල් කව්රු හරි කෙනෙක් අරගෙන ඒවා torrent එකට දාන එක..අන්න එතකොට නම් නිතයනුකුල නෑ.හැම දේම නෙමේ ගොඩක් දේවල්..

5319358

අන්න ඒ නිසා තමා මේ torrent එක දැන් නිතයනුකුල නොවන දෙයක් වෙන්නේ..torrent site ලෙස kickass , extratorrent , The Pirats Bay,, උදාහරණ ලෙස දක්වන්න පුළුවන්..

kickasstorrentsthe-pirate-bay-best-torrent-site

ඒ වගේම තව දෙයක් යාලුවනේ..අපිට torrent download කරන්න torrent client කෙනෙක් ඉන්න ඕනේ..ඒ කියන්නේ software ක් තියෙන්න ඕනේ..ගොඩක් හොද utorrent or Bittorrent software දෙකෙන් එකක් තියෙනවා නම්,දෙකම හොදා.වෙනසක් නැහැ..ඔය software ක් මගින් තමා අපි torrent file එක download කරගන්න ඕනේ.එක complete උනාට පස්සේ තමා අපිට real file එක ගන්න පුළුවන් වෙන්නේ..මතක තියාගන්න ඕනේ යාලුවනේ හැම torrent file ක් ම download වෙන්නේ නැහැ මොකද ඒවගේ seed / leech අඩු නම් download වෙන්නේ නැහැ..අන්න එකත් බලපානවා අපි torrent file ක් ගන්න කලින් එකත් පොඩ්ඩක් බලන්න ඕනේ.site එකේ එක තියෙනවා යාලුවනේ.


ඔන්න ඉතින් එහෙනම් මගේ වැඩෙත් අහවර උනා..ඔයගොල්ලන්ට මන් දෙන්නම් Video clip ක්..එකෙත් විස්තර කරලා තියෙනවා..බලන්නකෝ එකත්.එහෙනම් යාලුවනේ සුබ දවසක් වේවා. !!!!!!

 

utorrentawesomev3

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s