Change the OEM information in the Windows System Properties panel to your own

Registry Editor එකේ වැඩ කරන්න කැමතිද..මම අද කියල දෙන්න යන්නේ මෙහෙම දෙයක්.ඔයගොල්ලෝ දන්නවා නේද windows වල system properties ගන්න විදිහ.එකේ මොනවද තියෙන්නේ ? Processor එක මොකද්ද කියල,RAM ධාරිතාවය , system type එක computer name & Domain name සහ windows activation යන දේවල් නේ.

windows-8-system-properties

අපිට පුළුවන් යාලුවනේ මේ දේවල් වෙනස් කරන්න..කොහොමද කරන්නේ.අපි මේකට Registry Editor එක භාවිතා කරන්නේ..Registry Editor එකෙන් පුළුවන් ඔයගොල්ලන්ගේ computer එකේ සියලුම දේවල් වෙනස් කරන්න.ඒ තරම් ප්‍රබල tool ක්..තවත් ක් ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද system properties වල එක එක LOGO දාලා තියෙනවා.අන්න එකත් කරන්නේ මේකෙන්ම තමා..අපිත් මේ මේ දේවල් add කරමුද?

question_mark_serious_thinker_500_clr

Processor name / Manufacturer / Support Hours /  Support Phone / Support URL /  LOGO

යන මේ මේ දේවල් ටික අපි වෙනස් කරන්න බලමුද යාලුවනේ.ඇත්තටම මේක ලස්සන වැඩක් යාලුවනේ.ඊට කලින් කියන්න දෙයක් තියෙනවා.Registry Editor එකේ වෙනස්කම් කරන්න කලින් අපි backup ක් අරගෙන තියාගන්න ඕනේ.මොකද පොඩි හරි වැරදීමක් උනොත් system down වෙන්න පුළුවන්.මේකේ නම් එහෙම වෙන්නේ නැහැ නමුත් වෙන වෙන දේවල් සදහා ඔයගොල්ලෝ Registry Editor කරනවා නම් backup ක් තියාගන්න ඕනේ පස්සේ restore කරන්න.

click on ‘File’ menu, from given list, click on ‘Export’. Then save in your hard disc location as you wish 

Change Processor Name 

හරි යාලුවනේ ඔන්න එහෙනම් අපි වැඩේට බහිමු.ගන්නකො RUN console එක.එකේ type කරන්නකෝ regedit කියලා.දැන් එහෙනම් Registry Editor එක ගන්න..Now Press ‘Ctrl’ + ‘F’..මේක පොඩි shortcut ක්.type කරන්නකෝ ProcessorName දැන් enter කරන්න..නැත නම් path එක මේක…..HKEY_LOCAL_MACHINE => HARDWARE => DESCRIPTION => SYSTEM => CENTRAL PROCESSOR => 0

Capture1

ඔකේ ProcessorNameString double click කරන්නකෝ.එතකොට එන window එකේ තියෙනව ඔයාගේ  Processor Name එක.එක දැන් ඔයාට ඕනේ විදිහකට වෙනස් කරන්නකෝ.දන් ok කරලා Registry Editor ත් close කරලා දැන් system properties ගිහිල්ලා බලන්නකෝ වෙනස් වෙලාද කියල..නැත නම් computer එක restart කරලා බලන්න.


Change Manufacture

ඉස්සෙල්ලා මන් කිව්වා වගේම ගන්නකො Registry Editor..දැන් මන් මේ කියන path එකට යන්නකෝ.HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation

image9

හරී දැන් එහෙනම් ඔතන right click කරලා New > String Value ක් ගන්න.දැන් එක Manufacture  ලෙස rename කරන්නකෝ.දැන් එක double click කරන්නකෝ.Value data ලෙස Manufacture  නම දෙන්නකෝ.දැන් ok කරලා සේරම close කරලා system properties ගිහින් බලන්නකෝ..

New-String-value

TWC-name

Add-or-Change-OEM-Information-in-Windows


Change  Support Hours /  Support Phone / Support URL

මේ ටිකත් අර වගේම තමා යාලුවනේ.. HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation

මේ path එකට ගියා.New > String Value 3 ක්  ගන්න.දැන් ඒවා SupportHours /  SupportPhone / SupportURL   ලෙස rename කරන්නකෝ.space නැතුව type කරන්න හොදේ..දැන් double click කරන්නකෝ.Value data ලෙස ඒ ඒ  දේවල් දෙන්නකෝ..දැන් ok කරලා සේරම close කරලා system properties ගිහින් බලන්නකෝ…


Change Logo

මෙන්න මේක නම් ගොඩක් ලස්සන වැඩක් යාලුවනේ..මුලින්ම හදාගන්නකෝ bitmap image ක්…no more than 150 pixels..windows 10 වල නම් ටිකක් ලොකු උනත් කමක් නැහැ..පොඩ්ඩක් බලන්නකෝ ඔයගොල්ලොත් try කරලා..ඒ image file එක save වෙලා තියෙන්න ඕනේ as a 24-bit bitmap (BMP) image file ක් විදිහට,, as a example ඔයගොල්ලන්ගේ image ක් open කරගන්නකො paint වලින්.දැන් save as කරන්න ඕනේ 24-bit bitmap (BMP) විදිහට..

රෙව්ට්‍ර්ව්ට්

දැන් image file එක හරි නේ.,දැන් යන්නකෝ මේ path එකට..

C:\Windows\System32\xxxxxxxxx.bmp

දැන් ඔයා හදපු image file එක system32 වල save කරන්න..දැන් ආපහු Registry Editor එකට යන්නකෝ.අර path එකම තමා.HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation

දැන් New > String Value ක් ගන්න.දැන් Logo ලෙස rename කරන්නකෝ.දැන් double click කරන්නකෝ.Value data ලෙස C:\Windows\System32\xxxxxxxx.bmp ලෙස දෙන්නකෝ.(image name එක xxxxxxx වෙනුවට දමන්න.)..දැන් ok කරලා සේරම close කරලා system properties ගිහින් බලන්නකෝ Logo එක වැටිලා තියේවි…

Capture43


ඔන්න අද සුන්දර කතාව ඕක තමා යාලුවනේ,..අනිත් යටත් ඉතින් දැක බල ගන්නත් එක්කම share කරන්නකෝ..එහෙනම් ඉතින් සුබ දවසක් ඔයගොල්ලන්ට..

thank you OCN Perera

Animated-fireworks-changing-colorskerst2065

8ofYvRj6Bz

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s