Repair Master Boot Record in Windows 10 / 8 / 7

ඔන්න මම ඔයාලට කිව්වා වගේම අර command එක අරගෙන ආවා,,කලින් post එකේ මම කිව්වා නේද windows repair කරගන්න යන mode එකේ තියෙනවා කියලා command prompt එක ? ඒක තියෙන්නේ මොකටද කියල අද ඔයාලට තේරේවි.. එකේ මන් අද කියලා දෙන ටික type කරලා බලන්නකෝ ඔයාලගේ windows  corrupt උණු  computers හදාගන්න පුළුවන් වේවිද කියලා..නමුත් මේකත් 100% විස්වාස නැහැ යාලුවනේ..

ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද Master Boot Recoder එක ගැන ? ඔයගොල්ලන්ගේ hard disk partitions වල Operating System එක තියෙන partition එක Load කරලා දෙන්නේ මේ MBR ( Master Boot Recoder ) එකෙන් තමා..මේක  corrupt උනොත් තමා යාලුවනේ ගොඩක් වෙලාවට windows start වෙන්නේ නැත්තේ..මේක corrupt වෙන්නේ ගොඩක් දුරට malware නිසා , නිසි ආකාරයට ඔයාගේ computer එක shut down කලේ නැති උනහම…ඒ වගේ හේතු නිසා windows  corrupt වෙලා MBR එක නැති වෙන්න පුළුවන්..”Boot MBR missing” කියලා error එකක් එනවා දැකලා තියෙනවා ඇති සමහර කට්ටිය.එකට හේතුව තමා මේ MBR එක crash වීම..

Capture

කොහොමහරි ඉතින් අපිට මේ MBR එක අපහු ගන්න පුළුවන් windows CD ක් දාලා..මන් අද කියලා දෙන්න යන්නේ එක ගැන…හරි එහෙනම් අපි පටන් ගමු නේද ………………………………. 

මතකද මන් කලින් post එකේදී කිව්වා command prompt එක ගන්න විදිහ..windows 8 හා ඉන් උඩ OS වල නම් මේ step එකට යන්නකෝ..මුලිනම් DVD එක දාලා repair your computer යන්නකෝ..මෙහෙම ක් ආවද බලන්නකෝ.( windows 7 වල CMD එක ගන්න ආකාරය මම කලින් පොස්ට් එකේ කියලා දුන්නා.අමතක අය ඒක පොඩ්ඩක් බලන්නකෝ )

1

මේකේ Troubleshoot Click කරන්නකෝ..ඊට පස්සේ මෙහෙම ක් ඒවි.

2

මේකේ Advanced Options click කරන්නකෝ..ඊට පස්සේ මේක ඒවි.(මන් මේ කියන්නේ windows 8,8.1, & windows 10 වල CMD එක ගන්න විදිහ)

3

ඔය තියෙන්නේ අනේ CMD එක..දැන් ඒක click කරන්නකෝ…ඊට පස්සේ ඔයාගේ user account එක පෙන්නාවි..එක click කරලා ඉස්සරහට යන්නකෝ..ඊට පස්සේ password ක් දැම්මත් නැතත් type කරන්න ඒවි,.password ක් දාලා නම් එක අනිවාර්යෙන්ම  type කරලා යන්නවෙනවා ..නැත්නම් blank තියලා continue කරලා යන්නකෝ..දැන් CMD එක දිස් වේවි..

4   5

6

දැන් ඉතින් අපි වැඩේට බහිමු..ඔකේ type කරන්නකෝ මන් මේ දෙන codes ටික..එක එක type කරලා Enter කරන්නකෝ..

bootrec.exe/fixmbr

bootrec.exe/fixboot

bootrec.exe/scanos

bootrec.exe/rebuildbcd

මේ ටික එක එක  type කරලා enter කරලා පස්සේ CMD එකෙන් ඉවත් වෙලා..ඔයාගේ computer එක restart කරලා බලන්නකෝ වැඩේ හරියනවද කියලා…මන් මුලින් කියපු දේවල් අමතක කරනවා එහෙම නෙමෙ යාලුවනී..

master-boot-record-MBR

 

6874.5_5F00_01C91EBC   Windows_logo_-_2012.svg   win10logo

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s