-Team Viewer-

කොහොමද යාලුවනේ ! අද මම අරගෙන අවේ software එකක් පිළිබදව පොඩ්ඩක් කියල දෙන්න.සමහරු මේක ගැන දන්නවා ත් ඇති.නමුත් මන් මේ BLOG එකෙන් බලාපොරොත්තු වෙන්නේ දන්නා නොදන්නා හැමෝටම කියල දෙන්න..software එකේ නම තමා Team Viewer.හරි දැන් බලමුකෝ මේකෙන් මොකද්ද කරන්න පුළුවන් කියල..

මේකෙන් කරන්න පුළුවන් දේ කෙටියෙන් කිව්වොත් Internet හරහා වෙන Computer එකකට LOG වෙන්න පුළුවන්.අපිට log වීමට අවශ්‍ය computer එකේද මෙම Tool එක Install කරලා තියෙන්න ඕනේ. මම මුලින්ම මේක වැඩ කරන විදිහ ගැන practicaly කියල දීලා ඊට පස්සේ කොහොමද මේ විදිහට log වෙන්නේ කියල කියලා දෙන්නම්. මේ link එකෙන් software එක download කරගන්නකො.http://www.teamviewer.com/en/?pid=google.tv_exact.s.int&gclid=CJOpua7ymcwCFdGKaAodgHYCYg තමේ තියෙන්නේ පොඩි screenshot එකක්.

T.V

මෙහෙම තමා software එක open කලාම එන්නේ.මම නිල් පාටින් පෙන්නලා තියෙන user ID & Password කියන්නේ ඔයාට අදාල ඔයාගේ details.ඔතන තියෙන Partner ID කියන්නේ ඔයා log වෙන PC එකට අදාල වන user ID එක..

tv 2

දැන් ඉතින් Partner ගෙ ID එක ඔතන type කොරන්නකෝ.ඊට පස්සේ Connecting To Partner Click කරන්නකෝ.දැන් අහනවා ඔයා log වෙන්න යන PC එකේ Password එක..ඒක එයාගෙන් අහල type කරලා log වෙන්නකෝ…

tv 3

දැන් ඔයා type කරපු password එක හරි නම් මේ විදිහට අනිත් කෙනාගේ desktop එක ඔයාලට මේ විදිහට පෙනේවි…

tv 4

 

හරි ඉතින් ඔන්න ඕක තමා basically ඕකෙන් වෙන්නේ.. හරි යාලුවනේ දැන් අපි බලමු කොහොමද මෙහෙම connect වෙන්නේ කියල..important දේ තමා මේකට ඉන්ටෙර්නෙට් ඕනේ..Team viewer server එකෙන් එම software එක install කරනු ලබන සෑම computer එකකටම UserID එකක් සහ Password එකක් ලබා දෙනවා.ඔයා offline මෙම software එක install කලොත් ඔයාට එම details නොපෙන්වන අතර PC එක සෑම අවස්ථාවකදීම Internet connect කරන්න ඕනෙ.

Team Viewer server එක හරහා තමා අපිට මෙහෙම connect වෙන්න පුළුවන් වෙන්නේ…යාලුවනේ මෙහිදී user ID එක නොවෙනස්ව පවතින අතර Password එක පමණක් වෙනස් වේ.මොකද දන්නවද හේතුව? අපේ PC එකට Logging වෙන කෙනා අනුව , හා අනිසි දේවල් සිදු වීමට ඇති අවස්ථා අඩු කිරීමටය.

Team Viewer software එකේන් කරන්න පුළුවන් දේවල් බලමුකෝ තවත්…

1)  Setup Unattended Access – මේ කියන්නේ මොකක් ගැනද කියල දන්නවද ? ඉන්න පැහැදිලි කරන්නම් සරලවම.අපිට පුළුවන් team Viewer software එකට static password එකක් යොදන්න..අපිට ඕන වෙලාවක log වෙන්න පුළුවන් ඒ password එක use කරලා මොකද user ID එක වෙනස් නොවී auto save වෙන නිසා..ඒ facility එක ගොඩක් helpful වෙනවා නිතරම මෙම software එක use කරන කට්ටියට…go to Connection Tab -> Setup Unattended Access ඊට පස්සේ මෙහෙම window එකක් එනව.එකට කැමති password ක් දාන්න එතකොට එක තමා ඔයාගේ team viewer user id එකේ static password එක..ඔයාට ඕක check කරලා බලන්න පුළුවන් හරිටරම ඔයාගේ Android / IOS / Windows mobile device එකකින්…මේක කරන්න නම් මෙම tool එක windows start up එකේදී run විය උතුය.

tv 5

Unattended Access යටතේ ඇති Start Team Viewer with Windows යන්න select කරන්න ඔනේ.

tv 6

 

2) Files Transfer කිරීමේ හැකියාව –

3) Account Assignment-  Team Viewer Account එකකින් අදාල computer එකට log වීමේ හැකියාව.මෙය Unattended setup ගනයට වටේ.මෙය සිදුකිරීමට නම් Unattended setup කර තිබෙන්න ඕනේ..මොකද logging වෙන්න ඕනේ කෙනාගේ password එක වෙනස් වන නිසා static password එකක් තිබෙන්න ඕනේ. Go to Extras Tab -> Options -> General -> Account Assignment…

tv 7

 

4) Meeting Facility –

5) Video Calling & Presentations Facilities –

 

tv 8

 

මේ වගේ දේවල් තමා යාලුවනේ මේකේ තියෙන්නේ..මන් හිතනවා කාටහරි මේක වැදගත් වේවි කියලා..මේක ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා software configurations සඳහා.හරි අදට මම මෙතනින් නවතිනවා….ඔයගොල්ලන්ට සුබ අනාගතයක්..ජය ශ්‍රී

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s